සිර මැදිරියේ සිට විමල්ගෙන් ඓතිහාසික කතාවක්!
රට බෙදන ව්‍යවස්ථාව, ජීවන වියදම, පළාත් පාලන මැතිවරණය කල් දැමීම, රාජ්‍ය ආයතන විකිණීම සහ හොරකම, දූෂණය පිටු දකිමින් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවි...

https://www.sathhanda.com/2017/01/blog-post_769.html
මෙහදී රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින විමල් වීරවංශගේ පටිගත කරන ලද ඓතිහාසික කතාවක් ප්‍රචාරය කිරීමට එහි සංවිධායකයෝ කටයුතු කරමින් සිටිති.
විනාඩි විස්සකට සීමා කරන ලද එම කතාව, විමල් වීරවංශ එම ස්ථානයට රැස්ව සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසගෙන් අවසර ගෙන කතාව විකාශය කරන බවද වාර්තා වෙයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව එම කතාව පුළුල් තිර ඔස්සේ ප්‍රචාරය කෙරෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කෙළේය.
මේ පිළිබඳව ඊයේ (26) දිනයේදී අදහස් දක්වූ ජාතික නිදහස් පෙරමුණ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්,
"මේ මර්දනය හමුවේ අපි නිහඩව ඉන්නේ නැහැ. රටම වනසන විජාතික කොන්ත්‍රාත්තුවක් ඉටු කරන මේ ආණ්ඩුව ගෙදර යැවීම හැකි ඉක්මනින් කරනවා. ඒ 'පෙරළියේ ඇරඹුම’ හෙට නුගේගොඩින් අරඹනවා. ඒ සදහා ලක්ෂ ගණනින් රොද බදින්න කියා මේ රටට ආදරේ කරන ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම හෙට සවස නුගේගොඩට රොද බදින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සිරගතකොට සිටින අප පක්ෂයේ ආදරණීය නායක විමල් විරවංශ මහතාගේ ඓතිහාසික කතාවක් ඇසීමේ අවස්ථාවත් අපි නිර්මාණයකර තිබෙනවා" යැයි පැවසීය.
Related