ත්‍රිකුණාමලයේ බුදු පිළිම කඩා දැමීම ගැන සාකච්ඡාවක්
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට අවධානය යොමුව තිබෙනවා. නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින්...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
http://www.sathhanda.com/2017/01/blog-post_86.html
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/trinco-4.jpg)
නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (08) පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
ප‍්‍රදේශයේ මහා සංඝරත්නය සහ තවත් පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ත‍්‍රීකුණාමල ප‍්‍රදේශයේ ස්ථාන හතරක බුදු පිළිමවලට ඉකුත් දින දෙක තුළදී කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් හානි සිදුකර තිබීමයි.
වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප‍්‍රදේශවල තිබූ බුදු පිළිමවලට ඉකුත් දින දෙක තුළදී එලෙස හානි කර ඇති බව වාර්තා වනවා.
උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්ගම්වෙහෙර හන්දියේ පිහිටි බුදු පිළිමයට සහ ගෝමරන්කඩවල හිරියාය හන්දියේ පිහිටි බුදු පිළිමයට කිසියම් පාර්ශවයක් කළු තෙල් වත් කර තිබෙනවා.
පසුව ප‍්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා විසින් එම පිළිම සෝදා පිරිසිදු කර තිබෙනවා.
මොරවැව හන්දියේ සහ පුල්මුඬේ 14 කණුව ශාන්ති විහාරයට නුදුරින් පිහිටි බුදු පිළිමය කඩා දමා ඇති බව වාර්තා වනවා.
පුල්මුඬේ ප‍්‍රදේශයේ බුදු පිළිමය එලෙස කඩාදමා ඇත්තේ දෙවැනි වතාවටය.
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/trinco-1.jpg)
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/trinco-2.jpg)
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/trinco-3.jpg)
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/trinco-4.jpg)
Related