කුලියාපිටියේ ඊනියා ගරාජයට දුන් ඉඩමේ අයිතිය ගැන උසාවියේ නඩුවක් - එය නොතකා ලබාදුන්නේ කෙසේද?

කුලියාපිටියේ නගරයේ කුරුණෑගල ප්‍රධාන මාර්ගයයේ ලබුයාය පිහිටි මහානුගලන්ද අක්. 80 ක වත්ත සම්බන්ධයෙන් මේ වනවිට අභියාචනාධිකරණය නඩුවක් විභාගවෙමි...

කුලියාපිටියේ නගරයේ කුරුණෑගල ප්‍රධාන මාර්ගයයේ ලබුයාය පිහිටි මහානුගලන්ද අක්. 80 ක වත්ත සම්බන්ධයෙන් මේ වනවිට අභියාචනාධිකරණය නඩුවක් විභාගවෙමින් පවති.

මෙම ඉඩම මහා භාරකාර දෙපාර්තමේන්තුව අයත්ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයක් විසින් එහි අයිතිවාසිකම් තමන්ට හිමි යයි පවසමින් මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් ගොනු කොට එය මේ වනවිට අභියාචනාධිකරණය නඩු අංක CA/WRIT/154/2016 යටතේ විභාග වෙමින් පවතින අතර පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනි සිටින්නේ ජෙෂ්ඨ නීතිඥ සේනානි දයාරත්න මහතා වන අතර මහා භාරකාර දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩුව ගොනුකර ඇති පැමිණිලි පාර්ශවය කුලියාපිටියේ පදිංචි කේ. ජී. රවින්ද්‍ර ඇතුලු කණ්ඩායමකි.

මේ අතර මෙම ඉඩම පොදු කටයුත්තක් සඳහා අවශ්‍යයයි පවසා දින 100 ආණ්ඩුවේ විසින් ගැසට් පත්‍රය නිකුත් කොට ඇත. එහෙත් ඉහත නඩුව විභාගවෙමින් පවතින බැවින් රජයේ අවශ්‍යතාවය සඳහා එහි වටිනාකම තක්සේරුකොට රජය මගින් මහා භාරකාර දෙපාර්තමේන්තුවට ගෙවිමෙන් පසුව අදාළ ඉඩම නිදහස් කිරීමට හැකියාවක් තිබුනත් අභියාචනාධිකරණය විභාගවෙමින් පවතින නඩුව අවසන් වන තුරු එසේ කිරිමට නෛතික බලයක් කිසිම පාර්ශවයකට නොමති බව නීති විශාරදයන් ගේ මතයයි.

එමෙන්ම යහපාලන යයි කියන රජයකට අධිකරණයට බලපෑමක් වන අන්දමින් මෙසේ අධිකරණයේ නඩුවක් පවතින දේපලක් සම්බන්ධයෙන් මැදිහත් වීම කොහෙත්ම අනුමත කිරීමට නොහැකි බව සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ගේ ද අදහසයි.

එහෙත් ජර්මනියේ වොක්වගන් නිෂ්පාදන කර්මාන්තශාලා වෙනුවට අප්‍රිකාවේ ඝාහනාවල ලියාපදිංචි වාහන ආනයනය කොට අලෙවි කරන කාර් සේල් මධ්‍යස්ථානයක් වන වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගම (Western Automobile Centre Adamafio Rd, Lagos Ave., East Legon. Accra. GHANA) 2017 ජනවාරි 3 වෙනිදා වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරිමට මෙම දේපළ තුල මුල්ගල තබන ලදි.

මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලා සමඟ ඝාහනාවල ලියාපදිංචි වාහන ආනයනය කර අලෙවි කරන වාහන සේල් හිමිකරු වන රීසා රවුෆ් ද සහභාගි වූ අතර එම සමාගම 2009 වසරේ ඝාහනාවල ලියාපදිංචි කරන ලද සමාගමකි.

කොළඹ සිටින නොයෙල් සෙල්වනායගම් නැමැත්තාට මෝටර් රථ කොටස් ආනයනය කොට එවා එකලැස් කොට අලෙවි කිරීමට අවශ්‍ය වාහන අංගනයක් සඳහා රටේ පුන්‍ය සම්පත් භාරව කටයුතු කරන මහා භාරකාරත්වයට අයිති කුලියාපිටිය ලබුයායේ මහා නුගලන්ද නැමති අගනා ඉඩම ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය මගින් වොක්ස්වගන් මෝටර් රථ කර්මාන්තශාලාවක් ඉදිකිරිමට යයි දැනුම් දී මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුම් කොට වෙස්ට්ර්න් ඔටෝමොබයිල් සමාගමට පෑවරීම සිදු කොට ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3693413482124420071

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item