ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන CIDය ෆොන්සේකාගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර තිබේ. ඊයේ පැය 5ක පමණ ක...

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර තිබේ.

ඊයේ පැය 5ක පමණ කාලයක් තිස්සේ මෙම ප්‍රකාශයට සටහන් කරගෙන ඇත්තේ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එසේ වුවද එම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ එලෙස ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවේද නැද්ද යන වග ප්‍රකාශ කළ නොහැකි බවයි.

ඝාතකයින් නොමැති ඝාතනයක් බවට පත්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට මේවන විට වසර අටක් ගෙවී ගොස් තිබේ.

2009 වසරේ ජනවාරි 09 වන දින එවක අධි ආරක්ෂිත කලාපයට අයත්ව පැවති ගල්කිස්ස, අත්තිඩිය ප්‍රදේශයේදී මෝටර් රථයෙන් ගමන්ගනිමින් සිටියදී හෙතෙම ඝාතනයට ලක්විය.

මූලාරම්භයේදී වෙඩි තබා සිදුකළ ඝාතනයක් බවට වාර්තා පළවුවද, පසුව එය බැටළුවන් ඝාතනය කිරීමට යොදාගන්නා උල් සහිත ආයුධයක් විය හැකි බවට වාර්තා පළවිය.

බොරැල්ල කනත්තේ මිහිදන් කර ඇති ලසන්ත වික්‍රමතුංගගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණ නියෝග මත ඉකුත් වසරේ සැප්තැම්බර් 27 වන දින විශේෂ ආරක්ෂාවක් යටතේ, විශේෂ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ යළි ගොඩගැනීමට කටයුුතු කරන ලදී.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරිණි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8106180684762334175

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item