ට්‍රම්ප්ගේ දිවුරුම් දීමෙන් පසු අමෙරිකාවම කැළඹෙයි (PHOTOS)
අමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දුන්නා. එරට 45වන ජනාධිපතිවරයා ද ඔහුයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත්‍රී 10.30ට පමණ මෙම...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
http://www.sathhanda.com/2017/01/photos_21.html
අමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දුන්නා. එරට 45වන ජනාධිපතිවරයා ද ඔහුයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත්‍රී 10.30ට පමණ මෙම දිවුරුම් දීම සිදුවුණා. ඒ, අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදීයි.
දිවුරුම් දීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතාව අමතා කතා කළා. ඔහු පැවසුවේ ජාත්‍යන්තරය තුළ අමෙරිකාව ඉහළම ස්ථානයකට ඔසවා තැබීමට කටයුතු කරන බවයි. සියලූ තීරණ ගන්නේ අමෙරිකාව පළමු ස්ථානයේ තබමින් බව ඔහු අවධාරණය කළා.
රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදය ලෝකයෙන් අතුගා දැමීමට කටයුතු කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී කියා සිටියා. ඒ සඳහා ශිෂ්ට සම්පන්න ලෝකය එකමුතු කරන බවටයි ඔහු ප්‍රතිඥා දුන්නේ.
මේ අතර ඩොනල්්ඩ් ට්‍රම්ප්ට විරෝධය දක්වමින් අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ ආරම්භ වී තිඛෙනවා. උද්ඝෝෂකයින් සහ පොලිසිය අතර ගැටුම් ඇති වී තිඛෙන බවයි සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය පවසන්නේ. මෙම ගැටුම්වලින් පොලිස් නිලධාරීන් අවම වශයෙන් 6 දෙනෙකු තුවාල ලබා තිඛෙනවා.
ගොඩනැගිලිවලට සහ වාහනවලට ද උද්ඝෝෂකයින් විසින් අලාභ සිදුකර ඇති බවයි සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් කියා සිටියේ. කළහකාරීව හැසිරුණු උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරමින් සිටිනවා. මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 200කට වැඩියි.
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/4896.jpg)
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/7567.jpg)
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/Capture-1.jpg)
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/JS118384676_protests-5_FOREIGN-large_trans_NvBQzQNjv4BqpiVx42joSuAkZ0bE9ijUnLQb2P6nHAcUsplg9rC1t4Y.jpg)
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/JS118384679_protests-6_FOREIGN-large_trans_NvBQzQNjv4BqpiVx42joSuAkZ0bE9ijUnLQb2P6nHAcUsplg9rC1t4Y.jpg)
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/Limo-fire-large_trans_NvBQzQNjv4Bq-4_DBQA1qhx2cZnhXH01AKD2TuA-Zu7iznHDRpzRqcE.jpg)
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/Protesters-large_trans_NvBQzQNjv4BqZgEkZX3M936N5BQK4Va8RWtT0gK_6EfZT336f62EI5U.jpg)
![](http://nethnews.lk/wp-content/uploads/2017/01/Trump-President-2017-large_trans_NvBQzQNjv4Bqeo_i_u9APj8RuoebjoAHt0k9u7HhRJvuo-ZLenGRumA.jpg)
Related