"උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ" - විමල් අත්අඩංගුවට ගත්තාට විරෝධය[PHOTOS]

වාහන අවභාවිත කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමිල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් පිවිතුරු හෙළ උරුමය අද (...


වාහන අවභාවිත කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමිල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් පිවිතුරු හෙළ උරුමය අද (18දා) කොළඹදී විරෝධතාවක පැවැත්වීය. ඔවුන් පවසන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අයුරින්ම නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශූ මාරසිංහද අත්අඩංගුවට ගත යුතු බවයි.

එහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා,

"ජනවාරී මාසයේ 10 වැනිදා කොටුව මහෙස්ත්‍රත් උසාවියේ දී නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරලා පෙන්වා දුන්නා විමල් විරවංශ මන්ත්‍රිතුමා වාහන අවභාවිතයට සහාය දුන්නා කියන්න එක පෑන් ඉරක සාක්ෂියක් නෑ. නමුත් ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් වාහන අවභාවිතා කල බවට ලිඛිත සාක්ෂි තිබිය දී මේ දෙන්නා අත්අඩංගුවට නොගෙන විමල් විරවංශ මන්ත්‍රිතුමා අත්අඩංගුවට ගත්තේ කුමණ පදනමකින්ද කියලා. පොලිසිය කිව්වේ අපේ විමර්ශණ තාම ඉවර නෑ. ඉදිරියේ දී ඒ අයවත් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න ක්‍රියා කරනවා කියලයි. මහෙස්ත්‍රත්තුමිය නියෝග කරා අදාල අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ නියෝගය දීලා අදට දින 8ක් වෙනවා ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් නිදහසේ එළියේ සැරිසරමින්, ඔව් අපි වාහන භාවිතා කරා කියනවා. "

"මේ පොලිසියට ඒ අය තාම අත්අඩංගුවට ගත්තේ නෑ නෙවෙයි ගන්න බෑ. මොකද ඒ අය කොළ පාටයි. ඒ අය ආණ්ඩුවේ නිසා. ඉස්සර කිව්වේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ කියලා. දැන් ඒක වෙනස් කරන්න වෙනවා උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ කියලා. ඒනිසා ආණ්ඩුවට එකතු වුණොත් වැරදිකරුත් නිවැරදිකරු වෙනවා ආණ්ඩුවට එරෙහි වුණොත් නිවැරදිකරුත් වැරදිකරුවෙනවා. මේක දේශපාලන විරුද්දවාදීන්ගෙන් පලිගන්න හදපු හිට්ලර්ගේ ගෙස්ටාපෝ පන්නේ පොලිසිය වගේ තමයි FCID කියන්නේ. ඒනිසා මොවුන් දේශපාලන විරුද්දවාදීන් නැති චෝදනා හදලා අත්අඩංගුවට ගද්දි චෝදනා වලට පැහැදිලි ලිඛිත සාක්ෂි තිබෙන ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්න වැනි ආණ්ඩුවේ ඉන්න අය නිදහසේ නිදැල්ලේ ඉන්න ඉඩදීලා තියෙනවා. අද අපි FCID එක ඉදිරිපිටට ආවේ ඒ මහේස්ත්‍රාත්තුමිය දුන්න නියෝගය ඉටු කරන්න තාමත් තමුන්ට බැරි වුණා නේද? ලැජ්ජයිනේද මහත්තයෝ කියලා FCID එකෙන් අහලා යන්න."

















මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5834468076510668009

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item