මොරගහකන්ද මහා ජලකඳට යටවන පාසලක දරුවන් තැබූ සංවේදී සටහන් (PHOTOS)

මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හේතුවෙන් ඉවත් කෙරෙන ගම්මාන අතරේ කඹරව ගම්මානය ද මහා ජලකඳට යට වනවා. ඒ හේතුවෙන් කඹරව ගම්මානයේ ජනතාව මේ වන විට සිය ...

මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හේතුවෙන් ඉවත් කෙරෙන ගම්මාන අතරේ කඹරව ගම්මානය ද මහා ජලකඳට යට වනවා.

ඒ හේතුවෙන් කඹරව ගම්මානයේ ජනතාව මේ වන විට සිය ගම්බිම් අතහැර ගොස් සිටිනවා.

වසර ගනනක් සිප්සතර හැදැරූ කඹරව කනිෂ්ඨ විද්‍යාලය ද මේ වන විට නටඹුන් ගොඩක් බවට පත්ව තිබෙනවා.

ජාතික තලයට බොහෝ දරුවන් රැගෙන ගිය කඹරව පාසලේ බිත්ති මත අවසන් මොහොතේ සිසු දරුවන් විසින් තැබූ සංවේදී සටහන් කිහිපයක් මෙසේ අප කැමරාවේ සටහන් ව තිබුණා.

‘‘කුරිරු ජල කඳ අපිව වෙන් කලා’’ කාටත් වඩා මම ඔයාට ආදරෙයි – මගේ පාසල’’
‘‘සමු අරන් යන්න සිදුවුනත් තාම අපේ පාසල අමතක නොවේ’’ “සර්ලත් අපිව දාලා ගියා දුකයි” ආදී වශයෙන් සිසු දරුවන් තැබූ බොහෝ වැකි ඒ අතර වනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2306432181084926360

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item