මා ලේකම්කමින් ඉවත් නොකලේ නම් සන්ධානය දිනනවා. නැවත එහෙම වෙන්න බෑ. ආණ්ඩුව එක රැයෙන් වෙනස් විය හැකියි – සුසිල් [Video]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් ප්‍රතිපත්ති දෙකක් ඔස්සේ කටයුතු කරන බවත් එම නිසා ප්‍රශ්න රාශියක් ඇතිවෙමින් තිබෙන බවත් ආණ්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් ප්‍රතිපත්ති දෙකක් ඔස්සේ කටයුතු කරන බවත් එම නිසා ප්‍රශ්න රාශියක් ඇතිවෙමින් තිබෙන බවත් ආණ්ඩුව පිහිටුවා අවුරුදු දෙකක් ගත වි ඇති මෙවන් අවස්ථාවක එක රැයකින් සියල්ල වෙනස් විය හැකි බව කඩුවෙල ශ්‍රිලනිප බල මණ්ඩලය අමතමින් විද්‍ය හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත පැවසීය.

සමහරු කියනවා තව අවුරුදු හතරක් මේ විදියට පක්ෂ දෙක එකතුවෙලා යනවා කියලා, තවත් සමහරු කියනවා මේ 17 දි වෙනසක් වෙනවා කියලා, ඒත් ජනතාව තීරණය අනුව එක රැයකින් සියල්ල වෙනස් විය හැකි බවත් එසේ වුනොත් නැවත් පුට්ටු කිරිම බොරුවක් බවත් ඇමතිවරයා පැවසීය.

අපී ආණ්ඩුව තුල සිටිය නිසා යම් යම් සහන ජනතාව දීමට පුලුවන් වුවත් මේ ආණ්ඩුවේ අගමැතිවරයා යූ එන් පී බවත් වැදගත් අමාත්‍යාංශය ගනනාවක් යූ එන් පී එක යටතේ තිබෙන බැවින් ඉදිරියේදී එහි වෙනසක් බලාපොරොත්තුවන බවත් පැවසිය.

කෙසේ වෙතත් ඔහු පැවසුවේ එදා මහමැතිවරණයේදී තමා හෙබ වූ පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම් ධූරය අවසාන මොහොතේ තහනම් කොට මහ කලබැගෑනියක් කලේ නැත්නම් අපි දිනනවා මෙන්ම අනිවාර්යයෙන්ම ආසන 104 කට වඩා ගන්නා බවයි. එත් අවසානාවකට ඒක් එසේ සිදු වුවත් එය මේ පාර එහෙම සිදු වෙන්න ඉඩ නොදෙන බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2966550147382622449

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item