රවීගේ වීසා පහසුකම් දීමේ කතාව බොරුවක්‌ - විජයදාස

ඇමෙරිකානු ඩොලර් ලක්‌ෂ තුනක්‌ ආයෝජනය කරන විදේශිකයන්ට වසර පහක්‌ දක්‌වා මෙරට නේවාසික වීසා පහසුකම් ලබාදීම සම්බන්ධ යෝජනාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට...

ඇමෙරිකානු ඩොලර් ලක්‌ෂ තුනක්‌ ආයෝජනය කරන විදේශිකයන්ට වසර පහක්‌ දක්‌වා මෙරට නේවාසික වීසා පහසුකම් ලබාදීම සම්බන්ධ යෝජනාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත්ව නැතැයි අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ පැවසීය.

එවැනි යෝජනාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් වුවහොත් ඊට කිසි ලෙසකින්වත් එකඟ නොවන බව ද කී ඇමැතිවරයා එවැනි වීසා පහසුකම් ලබාදීමට ගියහොත් රටේ ආරක්‌ෂාවට මෙන්ම විශාල ප්‍රශ්න ඇතිවනු ඇතැයි ද කියා සිටියේය.

ඩොලර් ලක්‌ෂ තුනක්‌ යනු ඉතාම කුඩා මුදලක්‌ බවත් එවැනි මුදලකින් කොළඹින් මිලදී ගත හැකි වනුයේ පර්චස්‌ දෙකක්‌ වැනි ඉඩමක්‌ බව ද හෙතෙම සඳහන් කළේය.

එවැනි මිලකට වීසා ලබාදීම තුළින් දේශීය සුළු ව්‍යාපාරිකයන්ට විශාල ගැටලුවක්‌ ඇතිවන බවත් එවැනි යෝජනාවක්‌ විහිළුවට හේතුවන කාරණයක්‌ බවත් විජයදාස රාජපක්‌ෂ පැවසීය.

එවැනි යෝජනාවක්‌ මෙතෙක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත්ව නැතැයි ද එවැන්නක්‌ ඉදිරිපත් වුවහොත් කැබිනට්‌ මණ්‌ඩලයේදී එය පරාජය කරන බවත් ඔහු පැවසීය.

මුදල් ඇමැතිවරයා විසින් පෙරේදා (12 දා) කරන ලද ප්‍රකාශයක්‌ සම්බන්ධව කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 980210950903957587

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item