දැරියන් තිහක්(30) දූෂණය කොට මරා දැමීමක්

රවින්දර් තමන් විසින් සිදු කළ බවට පාපොච්චාරණය කරන අපරාධ සියල්ලම සත්‍ය වශයෙන්ම සිදු කළාද? සය අවුරුදු දැරියක් දූෂණය කොට මරා දැමූ බවට සැ...

රවින්දර් තමන් විසින් සිදු කළ බවට පාපොච්චාරණය කරන අපරාධ සියල්ලම සත්‍ය වශයෙන්ම සිදු කළාද?

සය අවුරුදු දැරියක් දූෂණය කොට මරා දැමූ බවට සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ රවීන්දර් පුද්ගලයා සම්බන්ධයෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලිසිය මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටියි.

පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී එම සැක කරු විසින් තමන් සිදු කළ තවත් අපරාධ 30ක් සම්බන්ධයෙන් පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

බීබීසී වාර්තාකාරණිය ගීතා පාන්ඩේ ඔහු රඳවා සිටින පොලිස් ස්ථානයට ගොස් සැකකරුගෙන් සහ පරීක්ෂණ පවත්වන නිලධාරීන් ඇතුළු ඔහුගේ සහ ඝාතනය කෙරුණු දැරියගේ දෙමව්පියන් හමු වී මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළාය.

විසිතුන් හැවිරිදි රවින්දර් පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙන්නේ පසුගිය සතියේ සය හැවිරිදි දැරියගේ මළ සිරුර ඇයගේ නිවසින් යාර පනහක් පමණ දුරින් පිහිටි පාළු ගොඩනැගිල්ලක තිබී සොයා ගැනීමෙන් පසුවයි.
පාපොච්චාරණය

ඔහු තමා විසින් සිදු කළ බව පවසමින් තවත් අපරාධ රාශියක් සිදු කළ දිනය, වෙලාව, ස්ථානය ඇතුළු තොරතුරු පොලිසියට ලබා දී තිබේ.

බටහිර දිල්ලි නුවර බෙගුම්පුර් පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවන රවින්දර් මාංචු දම්වැල් සහිතව තමන් ඉදිරියට ගෙන ආ අතර ඔහු තමන් විසින් සිදු කළ අපරාධ විස්තර කිරීමට පටන් ගත් බවයි බීබීසී වාර්තාකාරිනිය කියා සිටියේ.

රවින්දර් පැවසුවේ සය හැවිරිදි දැරිය පාන්දර හයට පමණ අයගේ නිවසින් පිට වී වැසිකිළියට යාම සඳහා වෙල්යාය දෙසට ඇවිද යන විට ඇය දුටු බවයි.


ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාළු ගොඩනැගිල්ල දෙසට දැරිය ගෙන්වා ගැනීමට ඇයට රුපියල් දහයක් දුන් අතර ඇයට අතවර කරන අවස්ථාවේ දැරිය කෑ ගැසීමට පටන් ගත් බැවින් නැවතත් රුපියල් දහයක් ලබා දීමට උත්සාහ කළද දැරිය දිගින් දිගටම කෑ ගැසූ බවයි.

දැරියගේ මළ සිරුර ගොඩනැගිල්ලේ පහත මාලයට ඔසවා ගෙන පැමිණි බව පැවසූ රවින්දර් කියා සිටියේ සිරුර එහි දමා යාමට තීරණය කළ බවයි.

සිය අපරාධ සම්බන්ධයෙන් පාපොච්චාරණය කරන රවින්දර් පවසන්නේ 2008 වසරේ සිදු කළ පළමු අපරාධයෙන් පසු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, හර්යානා සහ දිල්ලියේ දරුවන් 30 දෙනෙකු පමණ දූෂණය කොට මරා දැමූ බවයි.
ලිංගික අතවර

පසුගිය වසරේ සය හැවිරිදි පිරිමි දරුවෙකුට ලිංගික අතවර කොට දරුවාගේ උගුර කපා දැමූ බවට සැක පිට අත්අඩංගුවට පත් රවින්දර් සාක්ෂි හිඟ වීම, අතවරයට පත් දරුවා සුව වීම සහ දරුවාට සැකකරු හඳුනා ගැනීමට නොහැකි වීම යන හේතු මත නිදහස් කෙරිණ.

සිය හැසිරීම් විස්තර කරමින් ඔහු කියා සිටියේ දවල් කාලයේ ලොරියක අත් උදව් කරුවෙකු ලෙස ක්‍රියා කරන අතර සවස් කාලයේ මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවයි.

මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් පසු අසභ්‍ය චිත්‍රපට නැරඹීමට පුරුදුව සිටින අතර රාත්‍රියේ තමන් සමග ලිංගිකව හැසිරීමට අල්ලා ගැනීමට හැකි දරුවන් සොයා යන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

තමන්ට හසු වන දරුවන් අතවර ඉවසා ගැනීමට නොහැකිව ශබ්ද නගා කෑ ගැසුවොත් ඔවුන් මරා දැමීමට ක්‍රියා කළ බවයි ඔහු පවසන්නේ.


දැරියගේ දෙමව්පියන් සිය එකම දියණිය තමන්ගෙන් උදුරාගත් අපරාධකරුට මරණ දණ්ඩනය ලබා දෙන ලෙස ඉල්ලයි

මෙවැනි සාහසික අපරාධ කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පසු තැවිල්ලක් හට ගන්නේ නැතිදැයි බීබීසී වාර්තාකාරිනිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රවින්දර් කියා සිටියේ අපරාධ සිදු කිරීමෙන් පසු තමන් ඒ පිළිබඳ පසුතැවිලි වන නමුත් නැවතත් මත් ද්‍රව්‍ය හෝ මත්පැන් වල බලපෑම යටතේ තවත් අපරාධ කිරීමට පෙලඹුණු බවයි.

නියෝජ්‍ය පොලිස් කොමසාරිස් වික්‍රමජිත් සිං කියා සිටියේ රවින්දර් විසින් සිදු කරන ලද පාපොච්චාරණ තමන් මවිතයට පත් කරන බවත් මොහු මානසික රෝගියෙකු බවත්ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රවින්දර් විසින් පාපොච්චාරණය කළ අපරාධ 30න් දොළහක් පමණ සැබවින්ම සිදු වී ඇති බවට සනාථ කර ගැනීමට හැකි ව තිබෙන බවයි.

නැගෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ රවින්දර් තමන් විසින් සිදු කළ බවට පාපොච්චාරණය කරන අපරාධ සියල්ලම සත්‍ය වශයෙන්ම සිදු කළාද යන්නයි.
'පොලිස් පහර දීම්'

ඔහුගේ පාපොච්චාරණ වලට සවන් දුන් බීබීසී වාර්තාකාරිනිය පැවසුවේ ඔහු කටපාඩම් කළ කතාවක් පවසන අයුරින් කතා කළ අතර ඊට හේතුව ඔහු සිය පාපොච්චාරණය කිහිප වරක් පොලිසියට ඉදිරිපත් කිරීමද නැතහොත් වෙනත් හේතුවක්ද යන්න තීරණය කළ නොහැකි බවයි.


රවින්දර්ගේ දෙමව්පියන් පවසන්නේ පොලිසිය සිය පුතුට දැඩි ලෙස පහර දෙන බවයි.

රවින්දර්ගේ දෙමව්පියන් පවසන්නේ තම දරුවා නොකළ අපරාධ වලට පවා පාපොච්චාරණය කරන්නේ පොලිසියෙන් ඔහුට අධික ලෙස පහර දීම ඉවසා ගැනීමට නොහැකි බැවින් බවයි.

නමුත් මෙම චෝදනා පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර කියා සිටියේ මානසික වෛද්‍යවරයෙකු පවා රවින්දර්ගේ පරීක්ෂණ වලට සහභාගී වන බවයි.

දුෂණයට ලක්ව ඝාතනය කෙරුණු දැරියගේ දෙමව්පියන් ඉල්ලා සිටින්නේ සිය එකම දියණිය තමන්ගෙන් උදුරාගත් මෙම අපරාධකරුට මරණ දණ්ඩනය ලබා දෙන ලෙසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 4008526859117448084

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item