මහින්දට දුන්න හේතුව? මෛත්‍රී පහදයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට ගෙන ඇති තීරණය සාධාරණයට ලක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද ...


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට ගෙන ඇති තීරණය සාධාරණයට ලක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව සන්ධානය ශක්තිමත් නොකළහොත් ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තුනෙන් දෙකකට වැඩි පාර්ලිමේන්තු ආසන ගණනක් ලබා ගැනීමේ අවධානමක් ඇතැයි පෙන්වා දෙයි.
තමා සමග සමීපව කටයුතු කල ශ්‍රීලනිප මැති ඇමතිවරුන් වරින්වර තනි තනිව ගෙන්වමින් ජනාධිපතිවරයා එම කාරණය පැහැදිලි කර ඇතැයි වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයට 1977 දී මෙන් පාර්ලිමේන්තු බලයක් ලැබුනහොත් අත්විය හැකි අනතුර ඔවුන් වෙත පැහැදිලි කර ඇති ජනාධිපතිවරයා, රට හා ශ්‍රීලනිපය එවැනි අනතුරකට අද දැමීමට තමන්ට හැකියාවක් නැතැයි ද ඔවුන් වෙත පවසා ඇත.

වත්මන් ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් හා නිලධාරීන් විසින් සිදුකරන වංචා හා දුෂණ සම්බන්ධයෙන් තමා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බවද ජනාධිපතිවරයා තම හිතවතුන්ට පවසා තිබේ.

ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමගද වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර 'ශ්‍රී ලංකා
මිරර්' වැඩිදුරටත් අනාවරණය කර සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

දේශපාලන 8633249050904195959

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item