රාජිතයි - චතුරයි දෙන්නම අනාථයි !
යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ පුත් වෛද්‍ය චතුර සේනාරත්න දෙදෙනාම මේ වනවිට දේශපාලන වශයෙන් අනාථභාවයට පත්ව සිටින බ...

https://www.sathhanda.com/2015/07/blog-post_14.html

රාජිත සේනාරත්න මහතා තම දේශපාලන අනාගතය පිළිබඳව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පෙරේදා (7) අළුයම 03 පමණ වනතෙක් දීර්ඝවශයෙන් සාකච්ඡා කළබව වාර්තා වේ.
යම්හෙයකින් මහින්ද රාජපක්ෂ මහතා නැවතත් රටේ අගමැතිධූරයට පත්වුවහොත් තමන්ට යන කලදවස පිළිබඳව සේනාරත්න මහතා ඉතාමත් කළකිරීමෙන් යුතුව බැසිල් රාජපක්ෂගේ උපදෙස් පතා ඇත. බැසිල් පවසා ඇත්තේ සිදුවෙමින් පවතින දේට බාධා නොකර පැත්තකට වී සිටින ලෙසයි.
මේ අතර රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නගේ නම නාමයෝජනාවලින් කපාදමන ලෙසට නාමයෝජනා මණ්ඩලයට රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතිබව විශ්වාසකටයුතු ආරංචිමාර්ගවලින් වාර්තා වේ. ඒ සඳහා හේතුවී ඇත්තේ පිවිතුරු හෙටක් සංවිධානය හෝ ජාතික හෙළ උරුමය එජාපය සමග සන්ධානගත කරවීමට චතුර සේනාරත්න රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වුවද එය ඉටුකිරීමට චතුර සේනාරත්නට නොහැකිවීමයි.
මේ අතර රාජිත සේනාරත්න ඇමතිවරයාගේ බිරිඳ වන වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය නැවතත් මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග සිය පැරණි සබඳතාවයන් අලුත් කරගනිමින් සිටින බව වාර්තා වේ. නමුත් සුජාතා සේනාරත්න මහත්මිය සිය සැමියාට පවසා ඇත්තේ කෙසේහෝ මලික් සමරවික්‍රම හරහා කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරගකිරීමට අවස්ථාව සලසාගන්නා ලෙසයි.
Related