පස්දුන් කෝරළයෙන් පස්දීම හා විජිතපුර සටන
රනිල් පසුගිය දා පවත්වන ලද එ ජා ප සම්මේලනයේ දී විජිතපුර සටන ගැන සඳහන් කර ඇත. එය තවත් පස්දුන් කතාවකි. පස්දුන් කෝරළයෙන් පස්දීම ගැන රනිල් ක...
https://www.sathhanda.com/2015/07/blog-post_159.html
එකල අප විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් ලෙස සිටිය දී ජනප්‍රිය වූ ගීයක කොටසක් සුළු සංශෝධනයක් සහිත ව මෙසේ ප්‍රකාශ කළ හැකි ය.
විජිතපුර සටනට
ගොස් එන මෙතේ පාලට
හිතුනා නාන්නට
ගොසින් පැන්නා නරා වළකට
අද මෛත්‍රිපාල නාගෙන ඇත. රනිල් සිතා සිටින්නේ අනුරාධපුර සටන හෙවත් මහා මැතිවරණය ජයගැනීමට ය. එහෙත් මෛත්‍රිපාල නැතිව රනිල්ට ජයගත හැකි මැතිවරණයක් නැත. අද ද මෛත්‍රිපාල ආධාර කරන්නේ රනිල්ට ය. එහෙත් ඒ තේරුම් කිරීමට පෙර රනිල්ගේ නොතේරුම් කම ගැන වචනයක් කිව යුතු ය. ගැමුණු කුමර් විජිතපුර සටන මෙහෙයවූයේ රට ආක්‍රමණය කළ එළාරට විරුද්ධව ය. රනිල්ගේ හා මෛත්‍රිපාලගේ ඊනියා විජිතපුර සටන රට එක්සේසත් කළ මහින්දට විරුද්ධව ය. රනිල් සිතා සිටින්නේ විජිතපුර සටන රට එක්සේසත් කිරීමට විරුද්ධව කළ බව ද?
මෛත්‍රිපාල ගැන සතපහක විශ්වාසයක් තැබිය නො හැකි බව අපි කිහිප වතාවක් ම කියා ඇත්තෙමු. අගොස්තු 18 වැනි දාට පසුව ඔහු කරන්නේ කුමක් ද යන්න දන්නේ ටික දෙනෙකි. ඔහු රනිල් නැවතත් පික්පොකට් අගමැති කිරීමට බලා සිටියි. ඔහු අද ශ්‍රී ල නි ප සභාපති වුවත් ඒ නමට පමණ ය. අද ශ්‍රී ල නි ප විධායක සභා රැස්වීමක් පැවැත්වුවහොත් නාගෙන සිටින ඔහුගේ සභාපතිකම නැතිවනු ඇත.
එහෙත් ඒ අතර ඔහු මහින්දට ආධාර කළ අයට නාමයෝජනා දීමට තදින් විරුද්ධ වෙයි. සමන්මලී සකලසූරිය වැනි අයට නාමයෝජනා දිමට විරුද්ධ වන්නේ ඔහු ය. ඔහු සූදානම් වන්නේ අගොස්තු 18 වැනි දාට පසුව තමන්ට අවනත කර ගත හැකි මන්ත්‍රීවරුන් පිරිසක් සංධානයෙන් පත්කර ගැනීමට ය. අද වන විට කිසිම ජනබලයක් නැතිව නාගෙන සිටින මෛත්‍රිපාලට සංධාන නායකයන් යටවිය යුතු නො වේ. නාමයෝජනා ලබා දීමේ දී රටේ බලයක් නැති මෛත්‍රිපාල සංධානය විසින් නොසලකා හරිනු ලැබිය යුතු ය.
නලින් ද සිල්වා


Related