ග්‍රීසියට තවත් ණය පොදියක්

මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ග්‍රීසියට තුන් වැනි වතාවටත් ණය ලබා දීමට යුරෝපා නායකයෝ තීරණය කරති. මේ සඳහා යුරෝපා නායකයන් අතර ඡන්ද විම...


මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ග්‍රීසියට තුන් වැනි වතාවටත් ණය ලබා දීමට යුරෝපා නායකයෝ තීරණය කරති.

මේ සඳහා යුරෝපා නායකයන් අතර ඡන්ද විමසීම පැවැත් වුණේ රහස්‍ය මට්ටමින්.

මෙම ණය මුදල ලබා ගැනීම වෙනුවෙන් ජනතා සහන කප්පාදු කිරීමට ග්‍රීසිය එකඟ වී ඇත.

නව බදු පැනවීම, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, කම්කරු නීති වෙනස් කිරීම සහ ණය ආපසු ගෙවීම සඳහා වෙන් වුණු අරමුදලක් පිහිටුවීම මෙම ප්‍රතිසංස්කරණ අතර වෙයි.


එම එකඟතාව මත ඉදිරි වසර තුන ඇතුළත ඩොලර් බිලියන අනූ පහක ණය මුදලක් ග්‍රීසියට ලබා දීමට යුරෝපා නායකයෝ අනුමැතිය පළ කළහ.

මේ පිළිබඳව ග්‍රීක අගමැති ඇලෙක්සිස් ට්සීප්රාස් කියා සිටියේ ග්‍රීසිය අවසානය දක්වා හොඳ සටනක් කළ අතර ඉදිරියේ දී දුෂ්කර තීරණවලට මුහුණ දීමට සිදු වන බවයි.

යුරෝපා නායකයන් ඉල්ලා ඇති දේශපාලන ප්‍රතිසංස්කරණ ලබන බදාදා වන විට ග්‍රීක පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගෙන නීති ගත කළ යුතු වෙයි.

ග්‍රීක අගමැති ඇලෙක්සිස් ට්සීප්රාස්

කෙසේ නමුත් ග්‍රීසියේ ප්‍රතිසංස්කරණ භාර ඇමතිවරයා පවසා ඇත්තේ යුරෝපයේ පටි තද කර ගැනීමේ යෝජනා ජයග්‍රහණය කර ඇති බවයි.

ඉතා දුෂ්ට කප්පාදු සිදු කිරීම හෝ ග්‍රීක ආර්ථිකයේ ක්‍ෂණික මරණය යන දෙකින් එකක් තෝරා ගැනීම සඳහා මෙම යෝජනාවලිය තුළින් ග්‍රීසියට බල කර ඇති බවයි ඔහු පවසන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 8680620924307424132

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item