වෙබ් අලුගෝසුවන් රට ගිනි තියන්න හදනවා- ප්‍රවේශම් සහිතව කටයුතු කරන්න

ජනවාරි 8 වැනිදා මවුබිම බෙදා වෙන්කිරිමට කටයුතු කල ඇතැම් බෙදුම්වාදී බලවේග මෙ වනවිට යලිත් සක්‍රීයව කටයුතු කරමින් සිටින නිසා මහින්ද රාජපක්ෂ ම...

ජනවාරි 8 වැනිදා මවුබිම බෙදා වෙන්කිරිමට කටයුතු කල ඇතැම් බෙදුම්වාදී බලවේග මෙ වනවිට යලිත් සක්‍රීයව කටයුතු කරමින් සිටින නිසා මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ප්‍රගතිශිලී කණ්ඩායම නාමයෝජනා බාරදි අවසන් වනතුරු ප්‍රවේශම් සහිතව කල්පනාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රිලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කණ්ඩායම් වලින් සහ සමස්ත ශ්‍රි ලාංකිකයන්ගෙන්ම ඉල්ලා සිටින බව සන්ධාන හා ශ්‍රිලනිප මහා ලේකම්වරුන් සදහන් කර සිටි.

අප විශේෂ වාර්තාකරු සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් අනුර ප්‍රියදර්ශණ මහතා සදහන් කළේ එජාපය ඇතුලු බෙදුම්වාදී කණ්ඩායම් වල මුදල් මත යැපෙන වෙබ් මාෆියාවේ අලුගෝසුවන් මෙහෙයවන වෙබ් අඩවි මේ වනවිට අසත්‍ය වපුරමින් සිටින බවයි.එම නිසා අසත්‍යයට යට නොවී සත්‍ය වටහා ගැනිමෙන් සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලිමක් කරන බවයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ අතර කිසිදු බෙදිමක් ඇති වි නොමැති බවත් මේ වනවිට නාමයෝජනා සැකසිම සම්පූර්ණයෙන් අවසන් කර තවදුරටත් එවා පිරික්සමින් සිටින බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

දේශපාලන 4629673653114534132

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item