මෛත්‍රී දෙලොවක් අතර !
මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් සන්ධානයේ ප්‍රබලයින් ගෙන් හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ සිය ආධාරකරුවන් ගෙන්, මෙන්ම රා...
https://www.sathhanda.com/2015/07/blog-post_18.html
හිටපු ජනපතිවරයාට නාමයෝජනා ලබාදෙන බව සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා නිවේදනය කළ අවස්ථාවේ සිට මෙම තත්වය උදාවී ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරුන් දැඩි ස්ථාවරයක සිටීම ජනාධිපතිවරයා මුහුණ දී සිටින ප්‍රබල අභියෝගයකි.
වෙනම ලැයිස්තුවක් :
ඒ අතර, හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබාදීමේ තීරණය පිළිබඳව ජනාධිපතිවරයාට සිය ආධාරකරුවන්ගෙන් දැඩි විවේචන එල්ල වී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිතවාදීන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය අත්පත් කරගෙන සිටින බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම ලැයිස්තුවක් ඉදිරිපත් කරන මෙන් හෝ වෙනත් සන්ධානයකට සහාය දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ආධාරකරුවන් ගෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් ඇත.
දුරකථනයෙන් ජනාධිපතිවරයා ඇමතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන්, ජනපතිවරයා දැඩි දෝෂදර්ශනයට ලක් කළ බව ද වාර්තා වේ.
මේ අතර ජනාධිපතිවරයා ගත් තීරණයට විරෝධය පළකරමින් රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, නන්දිමිත්‍ර ඒකනායක සහ එම්කේඩීඑස් ගුණවර්ධන අමාත්‍යවරුන් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සැරසෙන බව නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
චන්ද්‍රිකාට පොලු තියලා !
මේ තත්වය යටතේ, සන්ධානයෙන් ශ්‍රීලනිපය ඉවත් කරගනිමින් තමන්ට සහාය දෙන පිරිසට ශ්‍රීලනිපයෙන් නාමයෝජනා ලබාදීමට අවශ්‍ය කටයුතු අදම ක්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පෙරවරුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට පොරොන්දුවී ඇතත්, අද දහවල් කාලයෙන් පසු ඔහුව සොයා ගැනීමට නැතැයි ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමතිවරයකු පැවසු බව 'ශ්‍රී ලංකා මිරර්' සදහන් කරයි .
මහ මැතිවරණයට නාමයෝජනා බාරදීම අද දිනයේ ආරම්භ වුවද, ජනාධිපතිවරයා සිය ස්ථාවරය තවමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කොට නැත.
එම තත්වය තුල දෙපාර්ශවයෙන්ම මේ මොහොතේ පලවෙමින් තිබෙන්නේ අද්භූත නිහඬ බවකි.


Related