ගාල්ලේ මෛත්‍රී පිලට, මහින්ද පිලෙන් තර්ජනලු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් තමන් වෙත දැඩි පීඩනයක් එල්ලවී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික්ක කණ්ඩාය...
https://www.sathhanda.com/2015/07/blog-post_766.html?m=0
එසේ එල්ල වන බාධා පිළිබඳව පාක්ෂිකයන් දැනුවත් කිරීම සඳහා ඔහු හදිසි බලමණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ.
ඒ අනුව අනිද්දා (25දා) වැනිදා නෙළුව, තවලම, නාගොඩ සහ නියගම යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පාක්ෂිකයන්ට ඒ සඳහා පැමිණෙන්නැයි ඒ මහතා දන්වා ඇත.
අනෙකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ගාල්ල දිස්ත්‍රික්කය තුළ මෛත්‍රී පාර්ශ්වයට මැතිවරණ ව්‍යාපාරයේ යෙදීම අතිශය දුෂ්කර වී ඇති බවත්, මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළ බවත්, පාක්ෂිකයන් කැඳවා මෙහි සත්‍ය තත්ත්වය දැනුම්දීමට තීරණය කළ බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.


Related