'ආගම කුමක් වුවත් ජාතිය ලාංකික විය යුතුයි' - සංගා
ආගම කුමක් වුනත් සිංහල, දමිළ හෝ මුස්ලිම් වශයෙන් භේදභින්න නොවී සමස්ත සමාජය එකමුතු ශ්‍රී ලංකා ජාතියක් හැටියට පෙනී සිටීම රටේ දියුණුවට අනිවාර්ය ...

https://www.sathhanda.com/2015/07/blog-post_839.html
ඔහු එම අදහස් පළ කර ඇත්තේ BBC ලෝක සේවය සමඟ පවත්වා ඇති විශේෂ සාකච්ඡාවක දී ය.
මිනිසුන් හැටියට, සමාජයක් හැටියට, රටක් හැටියට පෙරට යාමට නම් පුරවැසියන්ට සම අවස්ථා සම හිමිකම් සහතික කළ යුතු බව පවසන සංගක්කාර, ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් රටක් හැටියට ජනතාව විවෘත මනසකින් ක්‍රියා කළ යුතු බව ද පවසා තිබේ.
අනාගතයේ දේශපාලනයට අවතීර්ණ වීම සම්බන්ධයෙන් පළ වෙමින් පවතින අදහස් පිළිබඳව විමසූ විට කුමාර් සංගක්කාර කියා තිබෙන්නේ දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් නොමැති බවත් දේශපාලනයට අවතීර්ණ වීමෙන් තොරව සමාජයට මෙහෙයක් සිදු කළ හැකි වෙනත් ක්‍රමෝපායන් බොහෝ සෙයින් ඇති බවත් ය.
Related