හෙළ උරුමයේ අවස්ථාවාදය

ඊයේ පෙරේද රතන හිමියන් කියා තිබෙන්නේ මහින්ද චන්දය ඉල්ලීම නොව තමන්ගේ ප්‍රශ්නය වන්නේ මහින්ද චන්දය ඉල්ලන්නේ පැරණි හොරු තක්කඩින් වීම සමග වීම බ...




ඊයේ පෙරේද රතන හිමියන් කියා තිබෙන්නේ මහින්ද චන්දය ඉල්ලීම නොව තමන්ගේ ප්‍රශ්නය වන්නේ මහින්ද චන්දය ඉල්ලන්නේ පැරණි හොරු තක්කඩින් වීම සමග වීම බවයි. එවැනි හොර තක්කඩින් සමග සන්ධානගත වීමට කිසිදු අපේක්ෂාවක් තමන්ට නැති බවත් කියා තිබේ. අප මෙය සැලකිය යුත්තේ මාස කිහිපයකට පෙර හෙළ උරුමයේ ක්‍රියාකාරීත්වය සමග ගෙන ය.

මහින්ද චන්දය පැරදුනු විගසම හෙළ උරුමය විසින් කලින් සැලසුම් කල පරිදි විමල් මහින්ද ඇතුළු අන් සියලු ජාතික බලවේග වලට එරෙහි ව දැවැන්ත ප්‍රහාරයක් ආරම්භ කරන ලදී. නලින් ද සිල්වා මහතා චම්පික ව සිංහල ප්‍රභාකරන් ලෙස හදුන්වන්නේ නිකම් නොවන බව අපට එවිට තේරුම් යාමට පටන් ගැනුනි. ප්‍රභාකරන් කලේද ඉතිරි සියලු දෙමල සංවිධාන නැත්තට නැතිකර දමා දෙමල ජනයා නියෝජනය කිරීමේ ඒකාධිකාරය තමන් අතට ආයුධ බලයෙන් ගැනීම ය. චම්පික මේ අවස්ථාවේ සිදු කිරීමට උත්සහ කලේ ද එයයි. එය ඔහු 2000 දී සිහල උරුමය පිහිටවූ අවස්ථාවේදී ද කිරීමට උත්සහ කලේ ය. එහිදී ඔහු ලියු සිහල අභියෝගය නම් පොතෙන් මේ බව හොදින් පැහැදිලි වේ. 80 දශකයේ රට වෙනුවෙන් වැඩ කල නලින් ද සිල්වා අමරසේකර වැනි ' හාන්සි පුටු ජාතික චින්තනවාදින්' ව සම්පුර්ණයෙන් පරාජය කර ඔවුන්ගේ ඉතුරු බිතුරු ද අතුගා දැමිය යුතු බව එම පොතේ ඔහු පැහැදිලි ව කියයි. එදා ද ඔහු වරද්දා ගත්තේ ය. චන්ද්‍රිකා ගේ 1994 - 2000 ෆෙඩරල් ව්‍යාපෘතියට එරෙහිව ගොඩනැගුනු සියලු ජාතික ව්‍යාපාර සිහල උරුමය යටතට පැමිණ ඇති බවට මෝහනයකට එළඹුණු ඔහු තම ප්‍රභාකරන ස්වරුපය එදා එසේ නොබිය ව එළිදැක්වූයේ සිහල උරුමය නොබෝ කලකින් රටේ බලය අල්ලා ගනු ඇති බවට නිගමනය කිරීමෙනි. චම්පික මහින්ද පරාජයෙන් පසු දෙවන වතාවටත් මෝහනයට පැමිණියේ ය. ඊනියා යහපාලන ආණ්ඩුව ෆෙඩරල් තවලමේ යනවිට තමන්ට ජාතික ව්‍යාපාරයේ වීරයා බවට පත්විය හැකි බවට නිගමනය කල ඔහු ඒ හරහා රටේ බලයට පත්වීමට තිබු ප්‍රධාන බාධකය ලෙස දැක්කේ ජාතික ව්‍යාපාරය එකතු කිරීමට සමත් අනෙක් පුද්ගලයන් හා ව්‍යාපාරයන් ය. ඒවා නැතිකිරීමට ඔහු ජනවාරි 9 වන දා ම වැඩ පටන් ගත්තේ ය. මෙවැනි හිවලෙකුට ට ජාතිය ගැන ඇති හැගීම කුමක් ද ?

ජනවාරි මුල් කාලයේ දී රතන හිමි කියන මේ හොර තක්කඩින් ගෙන් වැඩි පිරිසක් මෛත්‍රිපාල සරණ ගොස් සිටියේ ය. එවිට චම්පික මේ හොර තක්කඩින් බේරාගැනීමට ඉදිරියට පැමිණියේ ය. ඔහු කිවේ සියලු දේට වැරදිකාරයා මහින්ද රාජපක්ෂ බව ය. එහෙත් මහින්ද බලවේගය වටා ලංකාවේ ඓතිහාසික සිංහල ජාතික ප්‍රවාහය එකතු වී චම්පිකගේ මෝහනයට කෙළ විය. යම් හෙයකින් මෙය සිදු නොවිණි නම් චම්පික අදටත් මහින්ද යනු වැරදිකාරයා බවත් මන්ත්‍රීවරුන් පුස් පැටවුන් බවත් අඟවමින් මෛත්‍රිපාල සමග එකතු වී මේ 'හොර තක්කඩියන්' සමග එකට චන්දය ඉල්ලීමට ඉඩ තිබිණි. එදාට රතන හිමිට ද මේ මන්ත්‍රීවරුන් 'හොර තක්කඩියන්' නොවීමට තිබිණි. අද නැවතත් තමන්ගේ ප්‍රශ්නය මහින්ද නොව මහින්ද වටේ සිටින 'හොර තක්කඩියන් ' බව කීමෙන් හෙළි වන්නේ මේ පිරිසගේ අවස්ථාවාදී දේශපාලනයයි. එසේ කියන්නේ අද මහින්ද වටේ සිටින ජනතාව තරහ කරගැනීමට නොහැකි නිසා ය. ජනවාරි 9 වෙනි ද සිට ජාතියේ මහා වීරයා මෙන් හැසිරීමට උත්සහ කර සියලු ජාතික ව්‍යපාර විනාශ කිරීමට චම්පික භාරගත් කොන්ත්‍රාත්තුව ඉටු විනි නම් අද සිංහල ප්‍රභාකරන් බිහි වී අවසන් ය.

සිංහල ප්‍රභාකරන් යනු විජාතික බලවේග මෙන් ම සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදය ආදී වචන වලින් දමාගසන අන්තිම අවස්ථාවාදී නරුමයෙකු පමණි. අපට විමුක්තිය ලැබෙන්නේ මෙවන් හිතක් පපුවක් නැති නරුමයන් සමග නම් විමුක්තිය වෙනුවට පොළොවෙන් වඳ වී යාම සැප ය. මේ පිරිස ලක්ෂ පනස් අටකගේ නායකත්වය නැතිකර දැමීමට කල හැකි හැම දෙය ම කලේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මතුරමිනි. උන්ගේ බම්බු ප්‍රජාතන්ත්‍රවාදය හදවතේ නැත. අනික් සමාජ ප්‍රවාහ වලට දේශපාලනය කිරීමට ඇති අයිතිය හදවතින් පිළිගන්නා එකෙකුවත් මෙවැනි අසමජ්ජාති වැඩවලට සම්බන්ධ වන්නේ නැත. ඔවුන් කිරීමට උත්සහ කලේ දේශපාලන සමුලඝතනයකි. මොවුන්ව චන්දයෙන් සමුලඝාතනය කිරීම අපේ යුතුකම වේ.


-ශිරන්ත චාමර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 6732359449734135552

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item