කෝප් අතුරු වාර්තාවට එරෙහිව පැනවූ වාරණය ඉවත්කරයි
මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ...
https://www.sathhanda.com/2015/07/blog-post_943.html?m=0
මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබේ.
කොළඹ දිසා අධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා විසින් එම නියෝගය නිකුත් කර ඇත.
මහබැංකුවේ බැඳුම්කර නිකුතුවට අදාළව සිදුවීයයි කියනු ලබන ගනුදෙනුවට අදාළව කථානායක නියෝග මත කෝප් කමිටුව විසින් අතුරුකමිටුවක් මගින් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් සකස් කොට තිබුණි.
එම වාර්තාව කථානායකවරයාට බාරදීමට ප්‍රථම ප්‍රසිද්ධියට හා ප්රචාරයට ලක්කිරීම නීති විරෝධී බැවින් එලෙස ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් පසුගියදා කළ ඉල්ලීමකට අනූව අද දක්වා බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබිණ.
මේ අතර අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා ඊයේ පවසා තිබුණේ අදාළ වාරණ නියෝගය ඉවත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි. එයට හේතුවී ඇත්තේ, පැමිණිල්ලේ ඇති තාක්ෂණික දෝසයක් හේතුවෙන් ජී එල් පීරිස් එයට විරුද්ධව අධිකරණයට යාමට සරසීමත් සමගය.
ඒ අනූව පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා විසින්ම එය අද ඉල්ලා අස්කර ගත් අතර වගඋත්තරකාර පාර්ශවවලට නැවත ජූලි 30 වැනිදාට පිළිතුරු ලබාදීමට නියෝග කර ඇතැයි සඳහන්ය.


Related