පුවත්පත් මණ්ඩලය එපා - ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක්

පුවත්පත් මණ්ඩලය යළි පණ ගැන්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගනු ලැබූ තීරණය මගින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස යළි තර්ජනයකට ලක්වන බව දේශසීමා ...

පුවත්පත් මණ්ඩලය යළි පණ ගැන්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගනු ලැබූ තීරණය මගින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස යළි තර්ජනයකට ලක්වන බව දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ සංවිධානය ප්‍රකාශ කළා. එමගින් බලධාරීන්ට තම අභිමතය පරිදි මාධ්‍ය හසුරුවීමට අවකාශය ලැබෙන බවයි එමගින් වැඩිදුරටත් සදහන් කළේ. ඒ වෙනුවට මාධ්‍යවල ස්වයං නියාමනයකට අවස්ථාව සහතික කරන ස්වාධීන මණ්ඩලයක් පත් කරන ලෙස දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ ඉල්ලා සිටිනවා. 

පුවත් මණ්ඩලය පසුගිය රජය මගින් අයථා ලෙස යොදා ගත් අවස්ථා පවතින බව එමගින් සිහිපත් කළා. එමෙන්ම එය මාධ්‍ය වෙත විවිධ සීමාවන් පැනවීමට මෙන්ම මාධ්‍යවේදීන්ට සිර දඩුවම් පැනවීමට ද යොදා ගත හැකියි. දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ සංවිධානයේ ආසියා - පැසිෆික් කලාපීය ප්‍රධානී බෙන්ජමින් ස්මයිල් කියා සිටියේ පුවත්පත් මණ්ඩල යාන්ත්‍රණය යළි ස්ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය දේශපාලන හස්තයෙන් නිදහස් වීමේ බලාපොරොත්තු අහිමි වන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2236102089861527005

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item