රටේ දෙවැනි පුරවැසියන් ලෙස ජීවත්වීමට අපි ලෑස්ති නෑ - සම්බන්ධන්

රටේ දෙවැනි පුරවැසියන් ලෙස ජීවත්වීමට දෙමළ ජනතාව කිසිසේත් සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා යාපනයේ දේශපාලන රැස්වී...

රටේ දෙවැනි පුරවැසියන් ලෙස ජීවත්වීමට දෙමළ ජනතාව කිසිසේත් සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා යාපනයේ දේශපාලන රැස්වීමකදී ප්‍රකාශ කළේය. 

‘අපගේ අරගලය අතීතය දක්වා දිව යනවා. එයට විසඳුමක් ලැබෙන බව අපි සිතන්නෙමු. එම විසඳුම සාර්ථක වන්නේ අප ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වුවහොත් පමණි. එහෙත් වර්තමානයේ මේ අරගලය දිනා ගැනීමේ හැකියාවක් නැත. ඉතා ඉවසීමෙන් හා අවබෝධයෙන් මේ කාලයේ අපට කටයුතු කිරීමට සිදුව ඇත. පසුගිය වසර 10 පුරා මහින්ද රාජපක්ෂ මහතාගේ මර්දනකාරී පාලනයක් පැවතුණා. මෙරට ජාතික ගැටළුවට විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු අල්ප මාත්‍රයක අවධානයක් යොමු කළේ නැත. ඔහුගේ එකම අරමුණ වී තිබුණේ දෙමළ ජනතාව මර්දනය කිරීමත් රටින් පළවා හැරීමත් පමණයි. එහි ප්‍රතිඵලය ලක්ෂ 4කට වැඩි දෙමළ ජනතාවක් රටින් පිටව යාමයි‘

මේ අතර පසුගියදා දෙමල සන්ධානය ඉදිරිපත් කල මැතිවරණ ප්‍රකාශහිද තදින්ම අවධාරණය කර ඇත්තේ උතුරු නැගෙන හිර ඒකාබද්ධ කල ෆෙඩරල් විසදුමක් බලපොරෝරොත්තු වන බවය. මේ අතර ඊයේ යාපනයේ පවතී රැස්වීමක් අමතමින් සුමන්තිරන් මහතා ප්‍රකාශ කලේ ෆෙඩරල් විසදුමකට එකඟ වන පාර්ශවයකට මැතිවරණයෙන් පසු තමන්ගේ සහය හිමි වන බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2282696294056888829

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item