අසභ්‍ය වෙබ් අඩවි වැහුව නිසා ලංකාවේ අසහනය වැඩියි - යුරේනි

පසුගිය කාලය තුල අන්තර්ජාලයේ බොහෝ දෙනා කතා කළ චරිතයකි යුරේනි නොෂිකා, කෙටි ඇඳුමකින් සැරසී ඇය විසින් ඉදිරිපත් කළ වැඩසටහනක් අන්තර්ජාලයේ කෙට...


පසුගිය කාලය තුල අන්තර්ජාලයේ බොහෝ දෙනා කතා කළ චරිතයකි යුරේනි නොෂිකා, කෙටි ඇඳුමකින් සැරසී ඇය විසින් ඉදිරිපත් කළ වැඩසටහනක් අන්තර්ජාලයේ කෙටි කලක් තුල ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් නරඹා තිබූ අතර ඒ අනුව සමාජ ජාල වල බොහෝ දෙනා ඇයව විවේචනයට ලක්කොට තිබුණි. පසුව ඇය විසින් "ලංකාවේ පිරිමින්ගේ අසහනය වැඩියි" යනුවෙන් කළ ප්‍රකාශය නිසාවෙන්ද ඇය නැවතත් අන්තර්ජාලයේ "මාතෘකාවක්" බවට පත්විය. මේ සියල්ල පිළිබඳව ඇය සවිස්තරව රාවය පුවත්පතට දැක්වූ අදහස් බලන්න පහතින්.

"කාන්තාවක් පිරිමියෙක්ව දූෂණය කළා කියලා අහන්න ලැබෙන්නෙ නැහැ. කාන්තාවක් විසින් කාන්තාවක් දූෂණය කළ බවක් ඇහෙන්නෙත් ඉතා කලාතුරකින්. ගෑනු පාර්ශ්වය පිරිමින්ගේ අසහනය වැඩි කරන්න උදව් කරනවා කියන එක ඇත්තක් වෙන තැන් තියෙන්නත් පුළුවන්. ඒත් ස්ත‍්‍රී දූෂණ අහන්න ලැබෙන්නේ වැඩියෙන් කොළඹින් පිට.

කොටට ඇන්දාම ඒක පුදුමයක් වෙන්නේ ලංකාවෙනේ. බටහිර රටවල ඒක සාමාන්‍ය දෙයක්. ලංකාවේ ලොකුම අවුල මේ සංස්කෘතියක් කියලා බදාගෙන ඉන්න එක. වහන්න හදන දෙය තමයි තව කෙනෙක්ට අසහනයක් වෙන්නේ.

හැත්තෑ ගණන්වල ලංකාවේ මීට වඩා කොටට ඇන්දා. ඒත් මේ තරම් ස්ත‍්‍රී දූෂණ ප‍්‍රතිශතයක් නෑ. ලෝකයේ රටවල්වල සංස්කෘතිය තාක්ෂණයත් එක්ක කාලයත් එක්ක ඉස්සරහට යායුතුයි. ඒත් ලංකාව යන්නේ පස්සට. දැන් බලන්න ලංකාවේ නරක වෙබ් අඩවි වැහුවා. මේවා වහන්න වහන්න කුතුහලය වැඩියි. ඒකයි අසහනය වැඩිවෙන්නේ.

කොළඹට සාපේක්ෂව ග‍්‍රාමීය මට්ටමෙන් කාන්තාවගේ අධ්‍යාපනය අඩුයි, කාන්තාවට තියෙන තත්ත්වය අඩුයි. පීතෘ මූලිකත්වයක් තමයි තියෙන්නේ. තමන් කැමති කෙනාව බඳින්න බෑ, නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන්න බෑ. දූෂණයට වැඩියෙන් ලක්වෙන්නේ මේ ගෑනු ළමයි. තමන්ගේම නැදෑ අසල්වැසියන්ගෙන්. මේ ගෑනු දරුවන්ට එළියට ඇවිත් කියන්නත් බැහැ. අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ ගැහැනියට කරදරයක් වුණොත් ඒකට වගකියන්න ඕන ගැහැනිය කියන තැනට. එකපාරක් දූෂණයට ලක්වෙන ගැහැනිය ඊට පස්සේ සිය වාරයක් සමාජයෙන් දූෂණයට ලක්වෙනවා."





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 1947947946793884770

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item