නයිජීරියාවේ පිපුරුමකින් 47 දෙනෙක් මරුට

නයිජීරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ පිහිටි බෝනෝ නගරයේ වෙළෙඳ සංකීර්ණයක් අසල සිදුව ඇති පිපුරුමකින් පුද්ගලයින් 47 දෙනකු මරණයට පත්ව ඇතැයි එරට රජයේ...

නයිජීරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ පිහිටි බෝනෝ නගරයේ වෙළෙඳ සංකීර්ණයක් අසල සිදුව ඇති පිපුරුමකින් පුද්ගලයින් 47 දෙනකු මරණයට පත්ව ඇතැයි එරට රජයේ බලධාරීන් විදෙස් මාධ්‍යයට හෙළිදරව් කර තිබේ.

එම නිලධාරින් පවසා ඇති අන්දමට තවත් පුද්ගලයින් 52 ක් තුවාල ලබා ඇත. එරට හමුදා ප්‍රකාශකයන් පවසා ඇත්තේ මෙම පිපුරුම මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් කළ දෙයක්ද එසේත් නැත්නම් එම ස්ථානයේ සවිකර තබා පුපුරුවා හැරි බෝම්බයක්ද යන්න තහවුරු වී නොමැති බවය.

ඔවුන් පවසන අන්දමට එරට මෙම සටන් මෙහෙයවන බොකෝ හරාම් ත්‍රස්තවාදී කැරලිකරුවන් මේ වන විට අසල්වැසි රටවල් වන කැමරූන්, චැඩ් රාජ්‍යය සහ නිගර් රාජ්‍යයේ උතුරු ප්‍රදේශවල ගම්මාන සහ නගරවලටද ප්‍රහාර එල්ල කිරීම් සිදුකරමින් සිටින බවය. මොවුන් මෙම ප්‍රහාරයන් එල්ල කිරීම් වැඩි කිරීමට උත්සාහ ගෙන ඇත්තේ පසුගිය මැයි මස නව ජනපති බොකෝ හරාම් ත්‍රස්තවාදය මුළුමනින් විනාශ කිරීමට පියවර ගන්නා බවට ප්‍රතිඥා දීමත් සමගය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 1024290481607182480

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item