මත්තල ගුවන්තොට පවත්වාගෙන යන්න රනිල්ට ජාත්‍යන්තර සබඳතා ගොඩනගන්න බෑ – මහින්ද
මත්තල වැනි ජාත්‍යන්තර තත්ත්වයේ පහසුකම් තිබෙන ගුවන් තොටුපළක් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආ...

https://www.sathhanda.com/2015/08/mahinda-rajapaksa-mattala-airport.html
හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා තිස්සමහාරාමය නගරයේදී පෙරේදා (11) සවස පැවැති ජන රැලියකදී හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, “මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වී ගබඩාවක් කරන්න රනිල් මහත්තයා කැබිනට් අනුමැතිය අරගෙන තියෙනවා. එදා මම මේ රටේ ආරම්භ කළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රනිල්ගේ ආණ්ඩුවට කරගෙන යන්න බැහැ. මාතර සිට කතරගමට දුම්රිය ගේනවට රනිල් මහත්තයා විරුද්ධ වුණා.
දැන් ඒක අතරමග නතර වෙලා. රනිල්, සජිත් අතර පවතින නොසන්සිඳෙන වෛරය නිසා හම්බන්තොට සංවර්ධනය කරන්න රනිල් මහත්තයා ඉඩ දෙන්නේ නැහැ. අද ගොවියා අන්ත අසරණ වෙලා. විදේශීය කොම්පැනිකාරයින්ගේ බිජ මේ රටට ගෙනැල්ලා දේශීය ගොවියාගේ බඩට ගහලා. අපි මේක වෙනස් කරනවා යැයි රාජපක්ෂ මහතා පැවසීය.
Related