රනිල් හෙට දිවුරුන් දෙයි
රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හෙට දින (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දෙන බව එජාප මාධ්‍ය ඒකකයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ...
https://www.sathhanda.com/2015/08/Ranil-Wickremesinghe-to-be-Sworn.html?m=0
රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හෙට දින (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දෙන බව එජාප මාධ්‍ය ඒකකයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
කෙසේවෙතත් පසුගිය 17 වන දින පැවති මහමැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟ කළ රනිල් වික්‍රමසිංහ ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව ලෙස සටහන් වුණු මනාප 500,566 ක් ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරන ලදී.
ඒ අනුව ඉදිරියේදී ස්ථාපිතවීමට නියමිත 8 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හෙට දිනයේ දිවුරුම්දෙනු ලබන අතර හෙතෙම අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දෙනු ලබන්නේ 4 වෙනි වතාවටයි.
එහෙත් සමහර පාර්ශවයන් සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව රැස්වී නොමැතිව මන්ත්‍රී කෙනකු ලෙස දිවුරුන් නොදී අගමැති ලෙස කලින් දිවුරුන් දීම නීතියනුකුල නොවන බවයි. අගමැති වීමට පාර්ලිමේන්තු මත්‍රී කෙනකු ලෙස දිවුරුන් දී තිබිය යුතු බව සදහන් වේ.

Related