හිතුව තරම් අපිට නැනේ - අනුර කුමාර , බොරුවෙන් ජනතාව රැවටිය නොහැකි බව තෙරුන් ගනී.

2015 මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ හෘදසාක්ෂියේ සම්මුතියෙන් කියූ පරිදිම විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන බවත්, මෙම ජනවරම රටටත්,...

2015 මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ හෘදසාක්ෂියේ සම්මුතියෙන් කියූ පරිදිම විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන බවත්, මෙම ජනවරම රටටත්, රටේ ජනතාවටත් හතුරු ලෙස උපයෝගී කර නොගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර පැවසීය.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද (18දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

“මෑත කාලයේ පැවැති මැතිවරණ හා සසඳද්දි සැලකිය යුතු නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණය හඳුන්වාදෙන්න පුළුවන්. ජ.වි.පෙ. අපි ශක්තිමත්ව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූවා. නමුත් අපි මීට වඩා ප්‍රතිඵලයක් ජනතාවගෙන් අපේක්ෂා කළා. මෙම ජයග්‍රහණය මෑත කාලයේ අපි අත්නොවිඳපු ජයග්‍රහණයක්. ඒ මන්දයත් පසුගිය පාර්ලිමේන්තුවේ අපේ නියෝජනය මීට වඩා අඩු නියෝජනයක්. එමෙන්ම මෙම ජනවරම අපි ඉදිරියේදී පුළුල් ජනතා ව්‍යාපාරයක් වෙනුවෙන් මෙහෙයවීමට කටයුතු කරනවා" යැයි පැවසිය.

මෙම මාධ්‍ය හමුවේදී ආණ්ඩුව හා එක්වී කටයුතු කරන්නේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජ.වි.පෙ. නායකයා පවසා සිටියේ සිය පක්ෂය සන්ධාන, සභාගවලට කිසිසේත්ම එකතු නොවන බවත්, ප්‍රධාන පක්ෂ දෙකෙන් මන්ත්‍රීවරු මිලදීගෙන හෝ නැත්නම් වරප්‍රසාද ගෙන ආණ්ඩුවලට පැනීම තම පක්ෂය දැඩි ලෙස හෙළාදකින බවත්ය.

මොනවා නමුත්, වැඩියෙන්ම බොරු ගෙතු, වැඩියෙන්මබොරු කියූ සහ බොරුව රසවත් කර හයියෙන්ම කියූ පමණින් ජනතාව නොරෙවටෙන බව නම් ජවිපෙට ජනතාව දුන් පිළිතුරෙන් තේරුන් ගත හැකිය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2725976025011823858

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item