කොළඹ නීති පීඨයේ ඩෙංගු මදුරුවන් - හතක් රෝහලේ. අයෙකුට බරපතලයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සිසුන් හය දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳීම නිසා රෝහල් ගත කිරීමට බලධාරීන් කටයුතු කර ඇති අතර ඉන් අයෙකුගේ තත්ත්වය බර...
https://www.sathhanda.com/2015/08/colombo-campus-law-faculty.html?m=0
ඔවුන් සිටි නේවාසිකාගාරය ආසන්නයේ තිබූ ඉවතලන ලද ටයරයක බෝවී සිටි ඩෙංගු මදුරුවන් නිසා මෙම සිසුන් රෝගීවී ඇති බව කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කර ගෙන තිබෙනවා.
සිදුකළ පිරික්‌සීමකදී ටයරය තුළ ඩෙංගු මදුරු කීටයන් විශාල වශයෙන් බෝවී සිටිනු දක්‌නට ලැබුණු බවයි එහි නිලධාරීන් සොයා ගෙන ඇත්තේ.
ඩෙංගු රෝගයට ගොදුරු වූ සිසුන් සිටි නේවාසිකාගාරයේ පාලන නිලධාරිවරයාට එරෙහිව අද (28) නඩු පැවරීමට නියමිතයි.

Related