දිල්හානි ඔබ ජවිපෙ වේදිකාවට නැග්ගේ කාගෙ වුවමනාවටද?

සසර කලකිරිලා මහණ වෙන්න යනවා කියන්නේ ඇත්තද?  ඒක චරිතයක් විතරයි. අරලිය අරණ කියන සුමිත් කුමාරගේ අලුත් ඩ්‍රාමා එකේ මෙහෙණින් වහන්සේ නමකගේ ...

සසර කලකිරිලා මහණ වෙන්න යනවා කියන්නේ ඇත්තද? 
ඒක චරිතයක් විතරයි. අරලිය අරණ කියන සුමිත් කුමාරගේ අලුත් ඩ්‍රාමා එකේ මෙහෙණින්

වහන්සේ නමකගේ චරිතයක් තමයි රඟපාන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයා මුලින්ම කිව්ව එක වැරැදියි. කලකිරිලා නෙවෙයි මහණ වෙනවා නම් වෙන්නෙ අවබෝධයෙන්.

මේ වගේ චරිතයක් ලැබුණාම සාමාන්‍යයෙන් අනිත් නිළියෝ නම් කරන්නේ තට්ටෙ මාර්කට් කරන එක. මේකප්වලින් හදන්නෙ නැතුව තට්ටෙ ගෑවා නම් දිල්හානිටත් තට්ටෙ හොඳට මාර්කට් කරගන්න තිබුණනේ. මම එහෙම මාව මාර්කට් කරලා නෑනේ. මගේ දුර්වලම තැන. ඔයා කියන දේ හරි. ඔහොම දේවල් වලදී හරි නම් කරන්නේ මාර්කට් කරන එක. මම නම් තාම පත්තරේකටවත් කියලා නෑ. ඔයා මගෙන් ඇහුවෙ නැත්නම් මම මේක කියන්නෙත් නෑ. මගේ ජීවිතේ එහෙම දේවල් නෑ ඇත්තටම. මම ඇත්තත් එක්ක ඉන්න මනුස්සයෙක්. මගේ උපන්දින සාද පත්තරවල යන්නෙත් නෑ. අපි දානයක් දුන්නත් කවුරුවත් දන්නේ නෑ.

දිල්හානි කියන සිනමා තරුවට හොඳ රසිකයන් පිරිසක් ඉන්නවා නේද? 
ඔව්. මේ රටේ සෑහෙන්න පිරිසක් මගේ රසිකයන්. මම හිටිය කාලය එක්ක ගත්තත් බොහෝ දෙනෙක් දන්නවනේ මාව. අලුත් පරම්පරාව නම් බොහොම ටික දෙනෙක් මාව දන්නවා වෙන්න පුළුවන්.

දිල්හානි ඒකනායක කියන රටම දන්න නිළිය ඡන්දෙ ඉල්ලුවොත් රසිකයෝ දිල්හානිව උඩින්ම දිනවයි කියලා විශ්වාසද? 
නොම්මර එක මම ඉල්ලන්නේ නෑ. දෙක මගේ රසිකයන්ව මුළාවේ දාන්න කැමැත්තකුත් නෑ.

උපකල්පනය කළොත්? 
මං හිතන්නෙ නෑ රසිකයෝ ඒ තරම් මෝඩයි කියලා.
ජනතා විමුක්ති පෙරමුණටත් දිල්හානි වගේම රසිකයෝ ඉන්නවා නේද? ඔව්.

ඒත් ඡන්දදායකයෝ නෑ. මොකක්ද හේතුව? 
නෑ. ජනතා විමුක්ති පෙරමුණට ඉන්නෙ වෙනස් නොවන ස්ථිර ඡන්දදායකයෝ කොටසක්. මෙතැනදී

වෙලා තියෙන්නේ පක්‍ෂයට මිනිස්සු කැමැතියි. නමුත් රටේ තියෙන වාතාවරණයේදී ඔවුන්ට තීන්දු තීරණවලට එන්න බැරි තත්ත්වයක් මං දැක්කා. මං හිතන්නේ මෙතැනදි වැඩියෙන්ම බලපෑවේ හිටපු ජනාධිපතිවරයා කියන සාධකය. කොටසකට ඕන වුණා ඔහුව පරද්දන්න. කොටසකට ඕන වුණා ඔහුව දිනවන්න. හිතලා බලන්න ඡන්ද ප්‍රතිඵලයෙන් අනෙකුත් පක්‍ෂ ඔක්කොම පැත්තකට ගියා නේද? වෙනදා මොකක් හරි ආසනයක් හරි එන පක්‍ෂ ඔක්කොම පැත්තකට ගියේ ඇයි. ප්‍රධාන පක්‍ෂ දෙක අතර ලොකු ගැටුමක් නේද තිබුණෙ.

ජවිපෙටත් වැරැදුණු තැන එතැන නේද? 
මහින්ද සාධකය අල්ලගෙන ඒකටම ගැහුවා. අන්තිමට ඒකෙ වාසියත් ගියේ
වෙනත් පක්‍ෂයකට.

ජනතා විමුක්ති පෙරමුණට වැරැදීමක් වුණා නෙවෙයි. ඔවුන් හැම වෙලේම ඒ දේවල්වලට විරුද්ධව කතිකාවක් ගොඩනැඟුවනේ. මොකක් හරි විවේචනයක් තිබුණා නම් ඒගොල්ලො ඒක කළා. ඔවුන් පක්‍ෂයක්. ඔවුන්ට අරමුණක් තියෙනවා. ඒ අනුව ඔවුන් ඔවුන්ගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා.

දිල්හානි වගේ ජනකාන්ත නිළියක් ඉස්සරහට දාලත් ජවිපෙට ඡන්ද හරවගන්න බැරිවුණා නේද? 
එහෙම හිතන්න අමාරුයි. මම සහයෝගය දැක්වූවා. මම නිසා හතර පස් දෙනෙක්වත් වෙනස් වෙලා ඇති. නමුත් මට ලෝකයක් වෙනස් කරන්න බෑනේ. මම ඇවිත් හිටගත්තා කියලා ලක්‍ෂ ගණන් ඡන්ද දෙන්නෙ නෑ මිනිස්සු. මං නිසා කිහිපදෙනෙක් එතැනට ඡන්දය දුන්නා. වෙනස් වුණ අය හිටියා. සුළු වශයෙන් එහෙම වුණාට ඡන්දයක් ජයග්‍රහණය කරවන්න මට බෑනේ.

ඔහොම කිව්වට ගෙදර ඡන්දත් හැරෙව්වා කියලයි අපිට නම් ආරංචි...? 
නෑ නෑ අපි දෙන්නගෙම එහෙම පක්‍ෂයක් කියලා දෙයක් නෑ. ගියවර නම් ප්‍රියංකර හිටපු ජනාධිපතිවරයාගේ පැත්තට පොඩි නැඹුරුවක් තිබුණා. මේ පාර මං හිතන්නේ ඔහුත් වෙනස් වුණා.

හරිනෙ අපි කිව්වා. ගෙදර ඡන්ද හරවල නේද? 
නෑ. නෑ. කවදාවත් මගේ බලපෑමක් නම් නෑ. මං සාමාන්‍යයෙන් කාටවත් බලපෑම් කරන කෙනෙක් නෙවෙයි. ඒක ඕන කෙනෙක්ගේ අයිතිය.

පුතාටත් ඡන්දය තිබුණානේ? 
පුතාට තිබුණා. ඒත් ලංකාවේ හිටියේ නෑනේ.

ජනාධිපතිවරණයෙන් පස්සේ දේශපාලනය කරන්න එපා කියලා පුතාගෙන් තහංචියකුත් වැටුණා නේද? නෑ එයා තහංචි දාන්නේ නෑ. අම්මාව අඳුනනවා. හැබැයි එයා ප්‍රිය නෑ ටිකක් මේ වැඩවලට. මට කවුරු හරි බැන්නොත් මාව විවේචනය කළොත් එයාට ඒක දරාගන්න බැරි ගතියක් තියෙනවා.

වමේ දේශපාලනයට හැරෙන්න හේතුව පුතාලු නේද? 
ඇත්තටම පුතා නිසා තමයි මට ඒ අවබෝධය ආවේ. එයා කිව්ව දෙයක් නිසා තමයි මම ඒ පැත්තට කල්පනා කරන්න ගත්තෙ. කරුමෙට ඒ වෙලාවෙම ජනාධිපතිවරණයකුත් ආවා. ඉතින් කට පියාගෙන ඉන්න බැරුව නළියන්න පටන් අරගෙන ගිහින් කිව්ව එකක් තමයි ඒක. හැබැයි බ්ඍර්ථී එකට දෙන්න හැරවුම් ලක්‍ෂ්‍යය වුණේ පුතා නෙවෙයි. කවදත් මම වමේ දේශපාලන වැඩවලට ටිකක් කැමැතියි.

දිල්හානි ජවිපෙට එකතු කරන කපුකම කළේ ජනතා විමුක්ති පෙරමුණේම ඉහළ පෙළේ නායකයෙක්ලු? 
ඕක නම් අනුමානයට කියන කතන්දරයක්. පක්‍ෂයේ නායකවරු කියන අයවත් බැහැ දකින්න ලැබුණේ මෑතකදී. ඒ මහ සමුළුවේදී. ගියවර පළාත් සභා මැතිවරණයේදීත් මම ජනතා විමුක්ති පෙරමුණට තමයි ඡන්දය දීලා තියෙන්නේ. අමුතුවෙන් කපුකම් කරන්න දෙයක් නෑ.

ආරංචි විදියට නම් ජ.වි.පෙ. නායකයෙක් එක්ක දිල්හානිගේ තියෙන හිතවත්කමත් නිසා තමයි මේ එකමුතුව සිද්ධ වුණේ? කවුද සෝමවංශ අමරසිංහද? 
එහෙම නම් දෙයක් නෑ. දීපානි අක්ක තමයි ඇත්තටම ජවිපෙ එක්ක මගේ සම්බන්ධතාව හැදුවේ.

ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට සහයෝගය දීලා මාස හයෙන් වෙනස් වුණේ කොහොමද? 
මම දුන්නේ ඔහුට නෙවෙයි හංසයා ලකුණට. හංසයා ලකුණ කියන්නේ පොදු ලකුණක්. එතැනදි තිබුණේ පොදු අරමුණක්.

මෛත්‍රිගේ කඩේ බඩු ෂුවර් නෑ කිව්ව පක්‍ෂයකට සපෝර්ට් එක දුන්නෙ ඇයි? 
මට ජනතා විමුක්ති පෙරමුණේ බඩු ෂුවර් නිසා. මට ඒ කඩේ බඩු ෂුවර් නිසා මම ඒකට සපෝර්ට් කළා.

ඉදිරියටත් ජනතා විමුක්ති පෙරමුණත් එක්කම ඉන්නවද? දාලා යන්නේ නෑනේ?
ඔව්. අපේ ප්‍රතිපත්ති වලට එකඟ වෙනතාක් කල් සහයෝගය දෙනවා.

ගීතා කුමාරසිංහ වගේ සිනමා තරුත් පාර්ලිමේන්තුවට ගියා. සපෝර්ට් කර කර ඉන්නේ නැතුව නරකද ඡන්ද සටනට බැස්සනම්. ජනතා විමුක්ති පෙරමුණට තවත් සීට් එකක් වැඩි කරගන්න තිබුණ කියල හිතන්නේ නැද්ද? 
මම ඒගොල්ලන්ට මගේ සහයෝගය දුන්නා. ඒ සහයෝගය ඒගොල්ලො පිළිගත්තා. ඒ හැරෙන්න ඡන්දය ඉල්ලන්නවත් ජාතික ලැයිස්තු වගේ අරමුණුවත් මං ගාව නෑ. ඒගොල්ලො ගාවත් නෑ.

සුභාෂිණී ගුණරත්න



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 2560009166659717753

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item