මෙය නීති විරෝදියි.තාමත් සන්ධාන මහ ලේකම් සුසිල්මයි. – සන්ධාන උප සභාපති

විධායක කාරක සභාවේ අනුමැතියකින් තොරව සන්ධානයේ මහ ලේකම්වරයා ඉවත් කිරීම වලංගු නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති දිනේෂ් ගුණවර්ධන පව...

විධායක කාරක සභාවේ අනුමැතියකින් තොරව සන්ධානයේ මහ ලේකම්වරයා ඉවත් කිරීම වලංගු නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති දිනේෂ් ගුණවර්ධන පවසයි.

මැතිවරණයක් පැවැත්වෙන කාල සීමාව තුළ මෙවැනි තනතුරු වෙනසක් සිදු කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා ද මීට පෙර කිහිප වතාවක් පවසා ඇති බව හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.

‘එක්සත් ජනතා නිදහස් සන්ධානයට ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුව තමයි ලේකම්වරයා පත් කරන්නේ. විධායක කාරක සභා රැස්වීමකදී තමයි ලේකම්වරයා පත් කිරීම සහ ඉවත් කිරීම සිදු වෙන්නේ.’ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පැවසීය.

අධිකරණ නියෝගයකට අභියෝග කිරීමේ හැකියාවක් ඇත්දැයි බීබීසීය කළ විමසීමකට පිළිතුරු දෙමින් සන්ධානයේ උප සභාපතිවරයා කියා සිටියේ එවැනි තීන්දුවක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා නිවේදනය කර ඇති බවයි.

මෙම තනතුරුවලට වෙනත් අය පත් කර ඇති බවට මේ වන තෙක් සන්ධානයේ නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිසිදු දැන්වීමක් සිදු කර නොමැති බවද හිටපු ඇමතිවරයා පැවසීය.

සන්ධානයේ ජයග්‍රහණය කඩාකප්පල් කිරීම සඳහා විවිධ බලවේග ක්‍රියාත්මක වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති දිනේෂ් ගුණවර්ධන කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ එම පක්ෂයේ ප්‍රකාශක ඩිලාන් පෙරේරා කියා සිටියේ අනුර ප්‍රියදර්ශන යාපා තවමත් තම පක්ෂයේ මහලේකම්වරයා බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1973446686334705844

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item