චාරිකාවේදී අනතුරකින් ශිෂ්‍යයා මිය ගිය පසු එම පාසලේම ඔහුගේ පෙම්වතිය ගෙල වැලලා ගනී
කුරුණෑගල, දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක උසස් පෙළ සිසුවකු විනෝද චාරිකාවක් ගොස් හදිසි අනතුරකට ලක්ව මිය යාමෙන් පසු, එම විදුහලේම අධ්...

https://www.sathhanda.com/2015/08/dodangaslanda-school-student-accedent.html
එම විදුහලේ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් ඉකුත් 30 සහ 31 යන දෙදින බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගොස් ඇත. 30 දා සවස 05.00ට පමණ මෙම පිරිස බදුල්ල උමා ඔයට නෑමට ගිය අවස්ථාවේ. එක් සිසුවකු සියලු දෙනාටම පෙර ඔයට පැන ඇත. එහිදී ඔහුගේ හිස කුඹුක් කොටයක ගැටී බරපතළ තුවාල සිදුවී තිබේ.
හිසට බරපතළ තුවාල සීදුව, කුරුණෑගල, මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ගයාෂාන්, මධුමාලක නමැති සිසුවා මහියංගණය රෝහලට ඇතුළත් කර මහනුවර ශික්ෂණ රෝහලට මාරු කර යවා සිටියදී පෙරේදා (02) මියගොස් ඇත.
මෙම සිද්ධියෙන් පසු එම අධ්‍යාපන චාරිකාවේ නිරත වූ සිසුවියක් ඊයේ (03) පෙරවරුවේ දොඩම්ගස්ලන්ද, ලිහිණිවැර ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී සියදිවි නසාගෙන තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ ඉමාෂා රූපසිංහ නමැති සිසුවියකි. ඇගේ දේහය රිදීගම ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇත.