බුදුන්ගේ සිරස හැඩයේ ඉටිපන්දම් පෝදා පන්සලේ දල්වලා

බුදු හිමියන්ගේ හිස සහිත ආකෘතියකින් යුත් ඉටිපන්දම් බෝධීන් වහන්සේ අසල දල්වා සිරස දියවෙන්නට සළස්වමින් තිබියදී ඉකුත් නිකිණි පොහෝ දා (29) විහාරස...

බුදු හිමියන්ගේ හිස සහිත ආකෘතියකින් යුත් ඉටිපන්දම් බෝධීන් වහන්සේ අසල දල්වා සිරස දියවෙන්නට සළස්වමින් තිබියදී ඉකුත් නිකිණි පොහෝ දා (29) විහාරස්ථානයකින් සොයා ගත්තා.

ඒ දොරපේ ශ්‍රී පරමානන්ද විහාරස්ථානයේ බෝධීන්වහන්සේ අභියස දැල්වෙමින් තිබියදීයි. විහාරස්ථානයට පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් සිදු කර ඇති මෙම ක්‍රියාව අදාළ විහාරස්ථානයේ හිමිවරුන් විසින් දැක ඇත්තේ ටික වේලාවක් ගත වීමෙන් පසුවයි.

එම හිමිවරුන් පෙන්වා දෙන්නේ බුදුරුවේ හිස සහිත මෙම ඉටි පන්දම් දැල්වෙද්දී සිරස ක්‍රමයෙන් දිය වෙමින් දැල්වෙන බවයි.

විහාරාධිපති හපුගල ශීවලී නායක ස්වාමීන්වහන්සේ සඳහන් කළේ මේ ආකාරයේ බුදු පියාණන් වහන්සේට අගෞරව, අපහාස සිදු වෙන ආකාරයේ නිෂ්පාදන වෙළඳපොළේ දී හමුවෙන බවට දැන සිටියත් දැන් දැන් ඒවා විහාර තුළටම ගෙනවින් දමන තත්ත්තවයක් ඇති වී තිබෙන බවයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 6852974166148389667

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item