ගෝඨා ජනාධිපති කොමිසමට වහාම කැඳවයි
රක්‌නා ලංකා ආරක්‍ෂක ආයතනයේ සිදුවී ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට අද පැමිණෙන්නැය...
https://www.sathhanda.com/2015/08/gotabaya-rajapaksa_19.html
රක්‌නා ලංකා ආරක්‍ෂක ආයතනයේ සිදුවී ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට අද පැමිණෙන්නැයි සඳහන් ලිත දැනුම්දීම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේ ගේට්‌ටුවේ අලවා ඒමට පොලිස් නිලධාරීන්ට සිදුවිය.
මෙම ලිත දැනුම්දීම භාරදීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවට අනුයුක්‌ත පොලිස් නිලධාරීන් ඊයේ (17 වැනිදා) පෙරවරුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවසට ගොස් ඇතත් එම අවස්‌ථාවේ සිටි යුද හමුදා සැරයන්වරයා එම ලිපිය භාර ගැනීම ප්‍රතික්‌ෂේප කර ඇති අතර එය ගේට්‌ටුවේ ඇලවීමට පියවර ගෙන ඇත්තේ ඉන් පසුවය.


Related