‘අවුරුද්දකින් සන්ධාන ආණ්ඩුවක්’-මනුෂ නානායක්කාර

‘අපි විපක්ෂයේ ඉන්නේ අවුරුද්දයි. තව අවුරුද්දක් ඇතුලත එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩු පක්ෂයේ බලය අල්ලනවා’යැයි ගාල්ල දිස්ත‍්‍රික්කය සඳහා සන...

‘අපි විපක්ෂයේ ඉන්නේ අවුරුද්දයි. තව අවුරුද්දක් ඇතුලත එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩු පක්ෂයේ බලය අල්ලනවා’යැයි ගාල්ල දිස්ත‍්‍රික්කය සඳහා සන්ධානයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරිපත් වි සිටින මනුෂ නානායක්කාර මහතා පවසයි.

තම ජයග‍්‍රහණය පිළිබද අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසුවේය.

‘මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා කිවා. ඔහු පරාජය වන බව කිවා. මේ වගේ කරන්න පුළුවන් හැම සෙල්ලමක්ම කරලත් සන්ධානය ලබා ගත් මේ ජයග‍්‍රහණය පිළිබඳව අපි සතුටුවනවා. ඇත්තටම අපට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනිමට හොදටම ඉඩ තිබුනා. පක්ෂයේ ලේකම්ලා ඉවත් කරලා මධ්‍යම කාරක සභිකයින් 13 දෙනකු දොට්ට දමලා අගමැති කම දෙන්නේ නැහැ කියලා ඡුන්ද ව්‍යාපාරය වැට්ටුවා. මේ නිසා පාවෙන ඡුන්ද අපෙන් ඇත්වුනා. නමුත් මහින්ද මහත්තයාට ආදරය කරන පිරිසක් ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් තෝරලා තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා’යැයි ද එ් මහතා පැවසුවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7684341087688273602

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item