රවීගේ විරෝධය මැද මුදල් ඇමතිකම හර්ෂට
එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය හිටපු මුදල් අමාත්‍ය රවීකරුණානායකට ලබා නොදීමටත් ඒ වෙනුවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද ...
https://www.sathhanda.com/2015/08/harsha-de-silva-to-be-finance-minister-sri-lanka.html
පසුගිය මාස හයක පමණ කාලයක් මුදල් අමාත්‍ය ධූරය දැරූ රවී කරුණානායක මහතාට දූර කාලය ඇතුළත බරපතල චෝදනා එල්ල වූ අතර මූල්‍ය කළමණාකරණයේදී ඔහු අසමත් වීම පිළිබඳවත් මෙලෙස අමාත්‍ය ධූරය ලබා නොදීමට හේතු වී ඇති බව වාර්තා වේ.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප අමාත්‍ය ධූර සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදීමෙම තීරණය ගෙන ඇති බව පැවසේ. පසුගිය ආණ්ඩුවේදීද හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් සිටී නමුත් රවී කරුණානායක මහතා එජාපයේ උප නායකයා වීමත් දිස්ත්‍රික්කයේ ජනප්‍රියම චරිතය වීමත් හේතුවෙන් ඔහුට මුදල් අමාත්‍ය ධූරය හිමි විය. එහෙත් පසුගිය කාලය තුළ ඔහුට බරපතල චෝදනා එල්ල වීමත් මහ මැතිවරණයේදී රවී කරුණානායක මහතට මනාප සංඛ්‍යාව අඩු වීමත් මුදල් අමාත්‍ය ධූරය අහිමි වීමට බලපා තිබේ.
රවී කරුණානායක මහතා පරදා මහ මැතිවරණයෙන් මනාප ලබා ගනිමින් හර්ෂ ද සිල්වා ඉදිරියට පැමිණීමත් මෙම තීරණයට බලපා ඇති අතර ඔහුට මුදල් අමාත්‍ය ධූරය ලබා දීමට එජාප නායකයා මෙන්ම සභාපතිවරයාද එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.


Related