මහින්ද අගමැති වෙන එක නවත්තන්න පුළුවන් ජගතෙක් නෑ , ඔය තුරුම්පුවල අරමුණ අපි දන්නවා

මහින්ද රාජපක්ෂ මෙරට අගමැතිවීම කිසිදු ජගතෙකුට නතර කල නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක කුමාර වෙල්ගම පවසයි.ඔහු මේ බව කියා සිටියේ ...

මහින්ද රාජපක්ෂ මෙරට අගමැතිවීම කිසිදු ජගතෙකුට නතර කල නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක කුමාර වෙල්ගම පවසයි.ඔහු මේ බව කියා සිටියේ කලුතර පැවති ජන රැලියකට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කුමාර වෙල්ගම පැවසුවේ ,මහින්ද රාජපක්ෂ අගමැතීවීම වැළැක්වීම සදහා පිරිසක් අද තුරුම්පු ගසමින් සිටින බවයි.මහින්ද රාජපක්ෂට ඉදිරි මැතිවරණයට තරග කිරීම සදහා නාම යෝජනා ලබා නොදෙන බවට මේ අය පළමුවෙන් ප්‍රකාශ කල බවත් ඒ තුරුම්පුව වැරදුණ පසු ඉදිරිපත් කල සියළු තුරුම්පු වැරදී ගිය බවයි ඔහු පැවසුවේ.

මේ දිනවලදී මහින්ද රාජපක්ෂට අගමැතිකම ලබා නොදෙන බවත් අගමැතිකමට සුදුසුකම් ඇති 06 දෙනෙකු සිටින බවට ඒ අය ප්‍රකාශ කරමින් සිටින අතරම මොන සුදුසුකම් පැවතියද ජනතාව ඉල්ලන ජන හදවත් දිනා ගත් එකම නායකයා මහින්ද රාජපක්ෂ බවද ඔහු කියා සිටියා.

තුරුම්පු ගැසිමෙන් ජනහදවත් බිද දැමිය නොහැකි අතරම මේ ප්‍රකාශවල අවසන් අරමුණ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීම පමණක් බවද ඔහු සදහන් කලා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3391754911983789099

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item