‘අනාගතයට සහතිකයක්’ යථාර්ථයක් කර රට නංවනවා – මහින්ද රාජපක්ෂ
‘අනාගතයට සහතිකයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැකලා එජාපයේ අය බයවෙලා. දැන් හීනෙන් බයවෙලා වගේ එක එක දේවල් කියනවා. මේවා කරන්න බැරි දේවල්ලු. කරන්...

https://www.sathhanda.com/2015/08/mahinda-rajapaksa-kurunegala.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල එජනිස ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී සහ හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාලින්ද දිසානායක යන මහත්වරුන්ගේ මෙහෙයුම් කාර්යාලවල පෙරේදා (01) පැවැති ජනහමු කීපයකට සහභාගි වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා.
අපි රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කළා. ඒක කොතෙක් දුරට වැඩි කළාද කියනවා නම් ලෝකයේ බොහෝ රටවල්වල ආර්ථිකය කඩා වැටෙද්දී තමයි අපිට පුළුවන් වුණේ ආසියා කලාපයේ ආර්ථික වේගය වැඩිම රට බවට අපේ රට පත් කරන්න. අපි ජනවාරි 08 වැනිදා භාර දුන්නේ ඒ වාගේ ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක්. නමුත් මේ මාස පහට යහපාලන ආණ්ඩුව ඒ ආර්ථිකය බඩගාන ආර්ථිකයක් බවට පත්කළා.
‘අනාගතයට සහතිකයක්’ කියන්නේ සම්ප්‍රදායික දේශපාලන පොරොන්දු මාලාවක් නෙවෙයි. මේ තමයි රටට යළි පණ දීමේ කඩිනම් වැඩසටහන.
ජනවාරි 08 රැවටුණාට අගෝස්තු 17 අපේ ජනතාව නැවත රැවටෙන්න සූදානම් නැහැ. ජීවන බර සැහැල්ලු කරන්න අපි ගේන්නේ කොත්තමල්ලි පොරොන්දු නෙවේ. රාජ්‍ය සේවකයන්ට අපේ ආණ්ඩුව දුන්න සහන මේ අය දුන්නාද? වැටුප් වැඩි කළාද? යතුරුපැදි දුන්නාද? රට පණ අදිනවා බලා ඉන්න අපට බැහැ. ඒ නිසයි ‘අනාගතයට සහතිකයක්’ ලබාදෙන්නේ. යැයි රාජපක්ෂ මහතා පැවසුවේය.
Related