දිනන්න පුළුවන් නම් “ප්‍රභාකරන්ගේ “මිනියත් ගොඩ දායි !
මළ මිනී ගොඩ ගනිමින් මතවාද හදා බොරු ප්‍රචාර හැදීමට තරම් අද එක්සත් ජාතික පක්ෂය බංකොළොත්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලු...

https://www.sathhanda.com/2015/08/mahindananda-aluthgamage.html
මීට පෙර මහින්ද රාජපක්ෂ හොරෙකු බව ඇගවීමට එජාපය උපරිමයෙන් උත්සහ කල අතරම දැන් මිනිමරුවෙකු බවට පත් කිරීම සදහා මේ පිරිස කටයුතු කරමින් සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.තමාට ජයග්‍රහණය කිරීමට වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුර ගොඩ ගැනීමට අවශ්‍ය වුවහොත් එය ගොඩ ගැනීමට පවා රනිල් වික්‍රමසිංහලා කටයුතු කරාවි යැයි ඔහු පැවසුවා.
ඒ තරමටම එජාපයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය බංකොළොත්වී ඇති අතරම මාස 05ක් තුළ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකලාපය පිළිබද ජනතාව තේරුම් ගෙන ඇති අතරම ජනවාරි 08වූ වැරැද්ද නීවැරදි කර ගැනීමට ජනතාව කටයුතු කරන මොහොතේ ,දෙකයි පනහේ වැඩ නොකරන ලෙසට එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
Related