මෛත්‍රීගේ උගුලකට අහු වෙලා? ලියුම මෛත්‍රීගේ උපදේශකයන්ගේ දේශපාලන ගේම් එකක්
මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩි ඉඩකඩ නිසා ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ලවා මහින්ද රාජපක්ෂ මහතාට යොමු ක...

https://www.sathhanda.com/2015/08/maithreepala-sirisena.html
මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩි ඉඩකඩ නිසා ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ලවා මහින්ද රාජපක්ෂ මහතාට යොමු කරවනු ලැබූ ලිපිය නිසා ශ්‍රී ලංකා පාක්ෂිකයන් තුල ජනාධිපතිවරයා කෙරෙහි දැඩි කලකිරීමක් හා වෛරයක් ඇති කරලිමට හේතු වී තිබේ.
ජනාධිපතිවරයාගේ දේශපාලන උපදේශකයන් ලෙස කටයුතු කරන්නේ ශිරාල් ලක්තිලක, අශෝක අභයගුණවර්ධන, මලිත් ජයතිලක යන පිරිස බවද දැන ගැනීමට තිබේ. ඊයෙ නිකුත් කරනු ලැබු ලිපියද ඔවුන් විසින් සකසනු ලැබූවක් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. එය ජනාධිපතිවරයාගේ පූර්ණ අවබෝධය මත නිකුත් කෙරුණාද යන්න නිශ්චිත නැත්තත් මෙය මාධ්‍ය වෙත ලබා දීම සඳහා පෙරමුණ ගෙන තිබෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ සිටින කිලී මහරාජාගේ ගෝලයකු විසින් බවද හෙලිවේ. එයද නිල වශයෙන් නොව ජංගම දුරකතන කැමරාවකින් ලබා ගන්නා ලද ඡායාරූප ලෙසය. රාජ්‍ය මාධයට හෝ මෙහි නිල පිටපත් ලබා දි තිබුනේ නැත.
කෙසේ නමුත් මෙම ලිපිය මේ මොහොතේ නිකුත් කරන බව ජනාධිපතිවරයාට පක්ෂපාත සන්ධාන නායකයන් හෝ දැන සිටියේ නැත. මේ නිසා එය ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයන් කෙරෙහිද බලපාන්නට ගෙන තිබේ. ඊයේ රාත්‍රියේදීම ජනාධිපතිවරයා අමතා ඇති ශ්‍රි ලනිප ජේෂ්ඨයන් ජනාධිපතිවරයාට සිය විරෝධය පලකර ඇති බවද වාර්තාවේ.
විශෙෂයෙන්ම ඔහු විසින් අගමැතිධුරයට නම් කරන ලද ජේෂ්ඨයන් විසින්ම ඔහුව දැඩිව විවේචනය කිරීම නිසා ජනාධිපතිවරයා දැඩි අපහසුවකට පතව තිබේ. වව්‍යවස්ථාපිත බලය අනුව මහින්ද අගමැති බවට පත් වූ විට ආණ්ඩුව තුල මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අතර මෛත්‍රී පල සිරිසේන කොන් කිරීමට සියුම් සැලසුමක් ඇති සෙයක් පෙනී යන බව දේශපාලන විචාරකයන්ගේ මතයයි. එසේ කොන් කිරීම තුල ජනාධිපතිවරයා තමනට අවශ්‍ය ආකාරයට හසුරවීමටත් තම පැවැත්ම උදෙසාත් එසේ කරන බවත් දැකගන්නට තිබේ.
Related