ඇන්දෙන මෛත්‍රී සහ අන්දන ඔහුගේ ගොබ්බ වහන්සේලා
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ අරඹයා කරනු ලබන පහරදීම් මැතිවරණය ලංවත්ම තීව්‍ර වී ඇති බව පෙනේ. මහින්ද සහ සන්ධානය පරදින බව මුලි...

https://www.sathhanda.com/2015/08/maithripala-sirisena-general-election-2015.html

විධායක ජනාධිපති හෝ පක්ෂයේ නායකයා ලෙස තමන්ට සිතැගි දෙයක් කිරීමට හැකි බව ඔහු හෝ ඔහුට උපදෙස් දෙන ඔහුගේ කේවට්ටයන් සිතනවා විය හැකිය. එහෙත් එම ක්‍රියාවන් වලින් තමන් බලාපොරොත්තු වන ප්‍රතිපලය ලැබේන්නේ දැයි එය කිරීමට ප්‍රථමව සිතා බැලිය යුතුය. මහින්ද පරදින බවත්, සන්ධානය පරදින බවත් ජනතාව අමතා ප්‍රකාශ කිරීමෙන් මහින්ද තව තව නැගී සිටි බව මොවුන්ට නොපනුනා නම් පුදුමය. නිදා සිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂිකයත් මෛත්‍රීට වෛර කර ගමන් මහින්ද වටා ගොනු විය. එහි දෙවෙනි දිගුවක් ලෙස ඊයේ එවූ ලිපියත් අද දින ඉවත් කරනු ලැබූ ලේකම්ලා නිසාත් නැවතත් සන්ධාන පාක්ෂිකයා අවධි වී සිටී.
එමෙන්ම තමන් ප්‍රකාශ කරන ලබන කරුණු වල ඇති වලංගු තාව ගැන රටේ ජනාධිපතිවරයා ලෙස වටිනාකමක් තිබිය යුතුය. මහින්දට නාමයෝජනා දෙන්නෙත් නැති, මහින්ද දිනන්නෙත් නැතැයි කිවත් අදවන විට සක් සුදක් සේ මහින්ද දිනන බවත් මහින්දට නාමයෝජනා ලැබුන බවත් මේ මහපොළවේ සනාථ වී ඇත.
අගමැති කමට අනුර ප්‍රිය දර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත සුදුසු යයි යෝජනා කර එය තම පාක්ෂිකයා කියවා ඉවර කිරීමටත් ප්‍රථමව ඔවුන් නුසුදුසු පුද්ගලයන් බවට පත් කර පක්ෂයෙන් සහ සියලු තනතුරු වලින් ඉවත් කරනු ලබයි. වගකිව යුතු සහ පවතින දේශපාලන ප්‍රවාහයන් තෙරුන් ගැනීමට හැකියාවක් නොමැති බලයෙන් ඔලු උදුම්මවාගත් තම ව්‍යාපාරික අරමුණු ඔස්සේ අතරමන් වූ කේවට්ටයන් පිරිසක් තමා වටා තබා ගැනීමේ ප්‍රතිපල මෙසේ නිකුත් වන බව නම් පැහැදිලිය.
ආප්පයට සොහොන් ලකුණු පහල වෙලා. මේක ඉස්කෝප්ප ආසියා කියල ගහන ගහන කොලේ ඉන්නේ ජෝකර්.
ReplyDeleteඋන්මත්තක ජනාධිපති වරයෙක් පදවියෙන් ඉවත් කිරීම සඳහා ඇති ප්‍රතිපාදන කවරේ දැයි විමසා බලා ඒ අනුව කටයුතු කිරීම අනාගත විධායක අගමැති මහින්ද මහතා සහ අග විනිසුරු වරයාගේ මුලිකම කාර්යයක් වේ. බල්ලෙක් එතරම් අවදානම් නොවුනත් පිස්සුවැටී ඇති බල්ලෙක් ට නියමිත දේ නොකළ හොත් ඌ විනාශ වෙන්නේ තමනුත් මැරී ළඟ අහල පහල සියල්ලනුත් විනාශ කරගෙනම බව මහින්ද මහතාට මතක් කර දීමට කැමතියි.