තීන්දුයි, මත්තල වී ගබඩාවක් කරයි - යහපාලකයන්ගේ මොලේ
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වර්ග අඩි 8000ක ප‍්‍රදේශයක් වී ගබඩාවක් ලෙස යොදා ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි සභාපති එම්....
https://www.sathhanda.com/2015/08/mattala-international-airport.html?m=0
එහි සභාපති එම්.බී දිසානායක මහතා පැවසුවේ යල කන්නයේ අස්වැන්න ගබඩා කිරීමට තමන් සතු ගබඩා ප‍්‍රමාණවත් නොවීම නිසා විධිමත් අධ්‍යයනයකින් පසු මෙම තීරණය ගත් බවයි.
නාරාහේන්පිට රජයේ ප‍්‍රවෘත්තිත දෙපාර්තමේන්තුවේ අද(28) පැවති මාධ්‍ය හමුවක දී ඔහු ඒ පිළිබඳ කියා සිටියා.
මේ අතර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා ප‍්‍රමාණවත් තරම් මුදල් තමන් වෙත ලැබී ඇතැයි ද අවශ්‍ය වුවහොත් ඉදිරියේදී තවත් මුදල් වෙන්කිරිමට රජය සුදානමින් සිටින බවද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියා.
ඒ අනුව ඉතිහාසයේ වැඩිම වී ප‍්‍රමාණය මෙවර මිලදී ගැනිමට හැකිවු බව ඔහු වැඩිදුරටත් පවසනවා. යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය මෙවර වෙන්කළ මුදල රුපියල් මිලියන 6000ක්. මේ වන විට එයින් ලබාගෙන ඇත්තේ අඩක් පමණ බවද එම්.බී දිසානායක පවසනවා.

Related