දියමන්තිය විසි කරන යළි හක්ගෙඩිය පිඹින්න හදයි
ඉකුත් මහමැතිවරණයට පෙර වෙනස් කෙරුණු සිය පක්ෂ නාමය සහ සලකුණ නැවත වරක් වෙනස් කිරීමට ජාතික හෙළ උරුමය තීරණය කර තිබෙනවා. මහමැතිවරණයට පෙර ඔවු...
https://www.sathhanda.com/2015/08/hela-urumaya.html?m=0
මහමැතිවරණයට පෙර ඔවුන් සිය පක්ෂ නාමය වෙනස් කළේ එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙසයි. එතෙක් යොදා ගැනුණු හක්ගෙඩිය සලකුණ වෙනුවට දියමන්තිය සලකුණ යොදා ගැනීමට ද ඔවුන් මහමැතිවරණයට පෙර කටයුතු කළා.
කෙසේවෙතත් සිය නාමය නැවත වරක් ජාතික හෙළ උරුමය ලෙස වෙනස් කිරීමටයි ඔවුන් දැන් සුදානම් වන්නේ. ඒ සමග පක්ෂයේ සලකුණ ලෙස හක්ගෙඩිය නැවත වරක් යොදා ගැනීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.
මීට අදාළව දැනටමත් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් තමන් ඉල්ලීමක් කර ඇති බවයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහපැවසීය.

Related