අවසන් සටන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්විය යුතුය - පාක්‍යසෝදි සරවනමුත්තු

“ශ්‍රී ලංකාවේ සිදුවූ බවට පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට පැවැත්වෙන විමර්ශන වලට ඔබ්බෙන් පුළුල් විමර්ශනයක් පැවැත්විය යුතුය” යනුවෙන් ව...

“ශ්‍රී ලංකාවේ සිදුවූ බවට පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට පැවැත්වෙන විමර්ශන වලට ඔබ්බෙන් පුළුල් විමර්ශනයක් පැවැත්විය යුතුය” යනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සභාපති පාක්‍යසෝදි සරවනමුත්තු අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසි පුවත් පතකට අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ශ්‍රී ලංකාවේ සිදුවූ බවට පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශන වාර්තාවක්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විද්වත් කමිටුවක් විසින් සකස් කර ඇත.

නමුත්, අවසන් සටනේදී සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව දැනගැනීමට කෙටි කාල සීමාවක් ඇතුලත විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතුය. එය ජාත්‍යන්තර විමර්ශනයක් හෝ අභ්‍යන්තර පරීක්‍ෂණයක් වූවත්, සාධාරණ සහ පුළුල් එකක් විය යුතුය” යනුවෙන් පාක්‍යසෝදි සරවනමුත්තු ප්‍රකාශ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5421902310852042005

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item