යුද අපරාධ කළවුන්ගෙන් අගෝස්තු 17න් පසු පළිගන්නවා – ටී.එන්.ඒ. හිටපු මන්ත්‍රි ශ්‍රීධරන් කියයි
අගෝස්තු 17 වැනිදායින් පසු යුද අපරාධ කළ නායකයන් හා ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් පළිගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්...
https://www.sathhanda.com/2015/08/s-sridharan-speech.html
අගෝස්තු 17 වැනිදායින් පසු යුද අපරාධ කළ නායකයන් හා ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් පළිගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පැවසීය.
යාපනයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් එස්. ශ්‍රීධරන් මහතා පසුගියදා මේ බව සඳහන් කළේය.
කොටි සංවිධානය උතුරේ දේශපාලන විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් අවි ඔසවා අරගල කළා. දෙමළ ජනතාව වෙනුවෙන් දිවි පිදූ කොටි සාමාජිකයන්ට සාධාරණයක් වශයෙන් යුද්ධයට නායකත්වය දුන් හිටපු ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් හරහා දඬුවම් පැමිණවීමට කටයුතු කරනවා. එය මියගිය කොටි සාමාජිකයන්ට කරන යුතුකම් ඉටු කිරීමක් බව ශ්‍රීධරන් මහතා කියා සිටියේය.
කොටි සංවිධානය අවි අතට ගත්තේ උතුරු නැගෙනහිරට ස්වයං පාලනයක් ගෙන ඒමේ අරමුණින් බවත් හෙතෙම කියා සිටියේය. එම අරමුණ දෙමළ ජනතාවගේ නියෝජිතයන් වශයෙන් අප තවමත් අතහැර නැති බවත් ශ්‍රීධරන් මහතා පැවසීය.
මේ ආයුධවලින් ඉටු කරගත නොහැකි වූ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදීව ඉටු කර ගැනීමට අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය දිනවිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
දෙමළ ජාතික සන්ධානය ජයග්‍රහණය ලැබූ පසු 2016 වසරේදී උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට සියලු බලතල විමධ්‍යගත කරමින් ෆෙඩරල් පාලනයක් ගෙන එන බව හෙතෙම පැවසීය.
එෆ්. අස්ලම්
Related