අගමැති ධූරය අපට එපා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ මෛත්‍රීට ලියුම් යවති
තම කිසිවකුට අගමැතිකම අවශ්‍ය නොවන බවත්, මේ මැතිවරණයේදී සන්ධාන ජයග්‍රහණය අපේක්ෂාවෙන් සුවිශේෂී කාර්යභාරයක් කළ කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අප...

https://www.sathhanda.com/2015/08/slfp-seniors-sent-letter-to-maithripala-sirisena.html?m=0
තම කිසිවකුට අගමැතිකම අවශ්‍ය නොවන බවත්, මේ මැතිවරණයේදී සන්ධාන ජයග්‍රහණය අපේක්ෂාවෙන් සුවිශේෂී කාර්යභාරයක් කළ කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එය හිමිවිය යුතුබව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.
සිරිසේන මහතා අගමැතිකමට ජ්‍යෙෂ්ඨයෝ සුදුසු බවට යෝජනා කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිය ස්තූතියද පුදකර ඇත.
මේ ලිපියට අගමැති කමට සුදුසු බවට ජනාධිපතිවරයා විසින් නම්කරන ලද ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, චමල් රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, අතාවුද සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා හා ඒ.එච්.එම් ෆවුසි යන මහතවරුන් අදාල ලිපියට අත්සන් තබා ඇතැයි ද පැවසේ.
Related