ලංකාවට ජය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සමත් ...

හේරත් ගේ කඩුලු හතෙන් ලංකාවට ජයශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සමත් විය.

ශ්‍රී ලංකාව තරගයේ පළමු ඉනිම සඳහා ලකුණු 183ක් රැස් කළ අතර ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 375කි.

තරගයේ දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 367ක් රැස් කර තිබුණි.

අද දිනයේදී තරගය ආරම්භ කරන විට ඉන්දියානු කණ්ඩායම රැස් කර සිටියේ එක් කඩුල්ලක් දැවී ලකුණු 23 ක් පමණි.

කෙසේ වෙතත්, රංගන හේරත්ගේ හා තරිඳු කෞෂාල් ගේ දක්ෂ පන්දු යැවීම් හමුවේ ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ, ලකුණු 112ක් පමණි.

ලකුණු 48කට කඩුලු 07ක් දවාගත් රංගන හේරත් ටෙස්ට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වමත් දඟපන්දු යවන්නන් අතුරින් තෙවැනි ස්ථානයට පත්විය.

තරිඳු කෞෂාල් ලකුණු 47කට කඩුලු 03ක් දවාගැනීමට සමත්විය.

මේ වන විට 1-0 ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාව සමත්වී සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1542158750611270010

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item