ඉරිදා පත්තර විකිණීම තහනම් කරයි - මැකෝගෙන් හදිසි ලිපියක්
අද (16) සහ හෙට(17) යන දිනවල ඉරිදා පුවත්පත් විකිණීම නැවැත්විය යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වර...
https://www.sathhanda.com/2015/08/sri-lanka-election-commissioner_20.html?m=0
අද (16) සහ හෙට(17) යන දිනවල ඉරිදා පුවත්පත් විකිණීම නැවැත්විය යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.
එම පුවත්පත් විකිණීම නවතා දැමීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙසයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවන ලද ලිපියකින් ඔහු දැනුම් දී ඇත්තේ.
සිකුරාදා වෙළඳපොළට නිකුත් කර ඇති ඉරිදා පුවත්පත් ඊයේ(15) දිනයේදී ද අලෙවි කළ බව කොමසාරිස්වරයා පෙන්වා දෙනවා.
එමෙන්ම පුවත්පත්වල දේශපාලන ප්‍රධාන සිරස්තලවල සඳහන් නොකිරීමට උපදෙස් ලබාදෙන ලෙසද මහින්ද දේශප්‍රිය මහතා යවන ලද ලිපියේ සඳහන්.


Related