මැණික් අධිකාරියේ වැටලීම් ඒකකය හොරෙන්ම විසුරුවා හැරලා

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වැටලීම් ඒකකය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර ඇත. 2015 ජුනි 22 වන දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැ...

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වැටලීම් ඒකකය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර ඇත. 2015 ජුනි 22 වන දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම හදිසි තීරණය ගෙන ඇති අතර, මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී වැටලීම් ඒකකය විසුරුවා හැරීම නීතිවිරෝධී බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේවකයෝ පෙන්වා දෙති.

වැටලීම් ඒකකයවිසුරුවා හැරීමත් සමග රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, මාරපන, බලන්ගොඩ, රක්වාන, වටාපත ඇතුළු ප්‍රදේශ රැසක නීතිවිරෝධී පල් කැණීම් ආරම්භ කර ඇත.

රත්නපුර දෙනවක ගඟ, හැරණියාවක සහ වේ ග`ග යන ගංගාවල සකර් යන්ත්‍ර යොදා ගනිමින් මහා පරිමාණයෙන් මැණික ගැරීම් සිදු කෙරෙමින් පවතී.මේ නිසා දැඩි පාරිසරික හානියක්ද සිදු වෙමින ්තිබේ. මැණික් අදිකාරියේ වැටලීම් ඒකකය ස්ථාපිත කර ඇත්තේ 2010 මාර්තු මාසයේදීය. අනවසර මැණික් ගැරීම් හා පතල් කැපීම වැළැක්වීම, බලපත්‍ර නීති උල්ලංඝනය ිරීම වැළැක්වීම, දඩ අයකිර ගැනීම සහ පරිසර හානි අවම කිරීම සහ ඒ සම්බන්ධ අධීක්ෂණ කටයුත සිදු කිරීම එම ඒකකයට පැවරී තිබිණි.මහින්ද රාජපක්ෂ පාලන සමයේ අනවසර මැණික් පතල් කැපීම් සහ නීතිවිරෝධී ලෙස අධිබලැති සකර් යන්ත්‍ර යොදාගනිමින් ගංගා පතුල් හෑරීම මෙම ඒකකයේ මැදිහත් වීමෙන් නතර කෙරිණි. ඊට අමතරව පතල් කැපීමට යොදාගත් අධිබලැති යන්ත්‍රෝපකරණ රැසක්ද අත්අඩංගුවට ගත්තේය.

පරිසර නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පරීක්ෂන පවත්වා රුපියල් කෝටි ගණනක දඩ අයකර ගැනීමද වැටලීම් ඒකකය විසින් සිදු කරනු ලැබීය. තත්ත්වය මෙසේ තිබියදී වැටලීම් ඒකකය හදිසියේ විසුරුවා හැරීම මගින් යහපාලනය ප්‍රශ්න කෙරෙන අතර, විෂය භාර ඇමැතිවරයා වන්නේජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3187400637109587242

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item