පත්තර නැති ඉරිදාවක් - ලබන ඉරිදා පත්තර නැහැ
2015 අගෝස්තු 16 වැනි ඉරිදා දිනයේ නිකුත්වීමට නියමිත සති අන්ත ජාතික පුවත්පත් රැසක් මෙවර පල නොවන බව වාර්තා වනවා. මැතිවරණ නීතිය අනුව 2015 අ...
https://www.sathhanda.com/2015/08/sri-lanka-sunday-papers.html
2015 අගෝස්තු 16 වැනි ඉරිදා දිනයේ නිකුත්වීමට නියමිත සති අන්ත ජාතික පුවත්පත් රැසක් මෙවර පල නොවන බව වාර්තා වනවා.
මැතිවරණ නීතිය අනුව 2015 අගෝස්තු 14 දා මධ්‍යම රාත්‍රියෙන් පසු දේශපාලන ප්‍රචාරණ කටයුතු අවසන් කළ යුතුය. ඒ අනුව 2015 අගෝස්තු 16 දා පුවත්පත්වල මැතිවරණ දැන්වීම් පළ කිරීමට ඇති නීතිමය බධාවෙන් ගැලවීම සඳහා පුවත්පත් හිමිකරුවන් සහ කතෘවරුන් මෙම තීරණයට එළඹ තිබේ. ඒ අනුව එළඹෙන ඉරිදා පලවීමට නියමිත පුවත්පත් 2015 අගෝස්තු 14දා සිකුරාදා දිනය යොදා මුද්‍රණය කෙරේ.
සාමාන්‍යයෙන් අප රටේ පළවන සතිඅන්ත සිංහල පුවත්පත් බොහෝමයක් සෙනසුරාදා දිනයේදී වෙළඳපොලට නිකුත්කෙරුනද ඒවායේ මුද්‍රිත දිනය ලෙස සඳහන් වන්නේ අදාල ඉරිදා දිනයයි.
මෙය මෙරට පුවත්පත් ඉතිහාසයේ මෙතෙක් නොවූ සිදුවීමකි.
Related