පැරදී ජාතික ලයිස්තුවෙන් පැන්න පිරිසගෙන් අපූරු නිවේදනයක්
දේශපාලන කුමන්ත‍්‍රණකරුවන්ගෙන් සහ කල්ලිවාදයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගත් පිරිසකට ජැතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර ලබාදීමට ජනාධිපතිවරයා ...

https://www.sathhanda.com/2015/08/sri-lanka-upfa-national-list.html
දේශපාලන කුමන්ත‍්‍රණකරුවන්ගෙන් සහ කල්ලිවාදයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගත් පිරිසකට ජැතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව වඩාත් නිවැරදි තීන්දුවක් බව සදහන් කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය මෙසේය.
අප මෙහිදී පළමුව අවධානය යොමු කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදී පරාජය වූවන් ගැනයි.එයිද අපගේ පළමු අවධානය යොමු කරන්නේ සංවිධානාත්මක කුමන්ත‍්‍රණයකින් පරාජය කළ අය ගැනයි.
2015 ජනවාරි 08 වෙනිදා පැවැති ජනාධිපතිවරණයෙන් අපේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වූ පසු ඔහු විසින්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත‍්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයාට භාරදෙයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට පත්වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එහි සියලූදෙනාට රජයට එක්වන ලෙස ආරාධනා කරයි.ඒ තුළින් 1978 සිට ජනතාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පොරොන්දු වූ එහෙත් ඉටු කිරීමට නොහැකි වූ විශාල වැඩ කොටසක් ඉටුකළ හැකි බවද පෙන්වා දෙන ලදී.මුලින්ම රජයට එක්වීමට අකමැති වූ ශ‍්‍රී.ල.නි.ප මන්ත‍්‍රීවරු පසුව ඒකමතිකව එක්වීමට තීරණය කළහ.එම තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින්ද අනුමත කරන ලදී.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා විධායක ජනාධිපති ක‍්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කිරීම ස්වාධීන කොමිෂන් සභා ඇතිකිරීම,මනාප ක‍්‍රමය නැති ආසන ඡුන්ද ක‍්‍රමයක් හ`දුන්වාදීම මේ අයගේ ප‍්‍රධාන අරමුණ විය.
ඒ අනුව ශ‍්‍රී.ල.නි.ප යේ හා සන්ධානයේ ප‍්‍රධාන නිලතල දරන කීප දෙනා අතහැර පක්ෂයේ ජෙඨෂ්ඨයන් පිරිසකට කැබිනට් අමාත්‍ය තනතුරු කීපයක්ද තවත් කිහිප දෙනෙකුට රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු කීපයක් ද ලැබුණි.
මේ කිසිවෙක් කිසිවිටක කිසිම තනතුරක් ඉල්ලා සිටියේ නැත.ඇමැතිකම් ලැබෙන තුරු ඒ කිසිවෙක් තමාට ඇමැතිකම් ලැබෙන බවද දැන සිටියේ නැත.මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය හා ආධාර යටතේ සන්ධානයේ සිටි වෙනත් පක්ෂ කිහිපයක්ද මහින්ද නැවත ඔසවා තැබීමේ රැුලි මාලාවක් පටන් ගන්නා ලදී.එම රැලි වලදී රජයට එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසන ලදී.එම රැුලි සංවිධානය වූයේ මහින්දට පක්ෂ මෛත‍්‍රීට එරෙහි ව්‍යාපාරයක් ලෙසයි.
මේ පිරිස ශ‍්‍රී.ල.නි.ප බහුතරයකගේ සහය ලබා ගනිමින් නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂ නායකකමින් ඉවත් කිරීමට කීපවිටක්ම උත්සාහ දරන ලදී.දිනෙන් දින මේ ආණ්ඩු විරෝධී ජනරැලි ජනප‍්‍රිය වූ අතර මන්ත‍්‍රීවරු බහුතරයක් ඒ හා එක්විය.එම රැලි මෙහෙය වූයේ තිරෙන් පිටුපස සිටි මහින්ද රාජපක්ෂ,බැසිල් හා ගෝඨාභයයි.
දැන් පක්ෂය තුළ මෛත‍්‍රී පිල හා මහින්ද පිල ලෙස පිල් දෙකක් වෙයි.මෛත‍්‍රී පිලේ සිටියේ ප‍්‍රධාන වශයෙන් සන්ධානයේ සිටි කුඩා පක්ෂ කීපයකි.මේ අතර පසුගිය ජනාධිපතිවරණ පරාජයට මහින්ද හා ඔහුගේ පවුලේ අය වගකිව යුතු බවත් දැන් මහින්ද මෛත‍්‍රීට පක්ෂය කරගෙන යෑමට ඉඩදී නිහඩ විය යුතු බවත් කල්පනා කළ ශ‍්‍රී.ල.නි.ප පිරිසක් මෛත‍්‍රීට සහාය දැක්විය.
මේ අතර මහින්ද සන්ධානයේ අගමැති අපේක්ෂකයා විය යුතු යන සටන් පාඨය ඉදිරියට එයි.මේ සියල්ල මෙහෙය වූයේ මහින්ද සහ සන්ධානයේ කුඩා පක්ෂ කිහිපයකි.මේ තත්ත්වය තුළ මෛත‍්‍රී ඇතුළු ශ‍්‍රී.ල.නි.ප යේ පිරිසක් මහින්ද තරග නොකළ යුතු බවත් ඔහු අගමැති අපේක්ෂකයා නොවිය යුතු බවත් ප‍්‍රකාශ කළෝය.ඔහු අගමැති අපේක්ෂකයා වුවහොත් සුළු ජාතික හා සුළු ආගමික ඡන්ද අපට ලබාගැනීමට නොහැකි බවද ඔවුන් පෙන්වා දෙන ලදී.එසේම මෛත‍්‍රී නිසා හංසයාට ගිය අපේ ඡුන්ද නැවත අපට ගත නොහැකි බව ඒ අය කීහ.ඒ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය වන බවත් ප‍්‍රකාශ කළේය.
මේ අර්බුදය අතර නව ඡුන්ද ක‍්‍රමය නොහොත් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට එ.ජා.ප.ය ඉඩ නොදේ.ශ‍්‍රී.ල.නි.ප යේ මහින්ද කණ්ඩායමද ඊට සහයෝගය නොදක්වයි.
එ.ජා.ප ය සිතුවේ ශ‍්‍රී.ල.නි.ප යේ දෙකඩ වීම තුළින් ඉක්මන් මැතිවරණයක් පවත්වා විශාල ජයග‍්‍රහණයක් ලබාගැනීමයි.මහින්ද සමග සිටි අය සිතුවේත් සුළු පක්ෂවල අය සිතුවේත් ශ‍්‍රී.ල.නි.ප ය හා සන්ධානය දෙකට කැඩෙනවා නම් මනාප ක‍්‍රමය තවදුරටත් පැවතීම හො`ද බවයි.
20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතරමැද නැවැත්වීමත් සමග ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසිරවීමට තීරණය කරයි.මේ වන විට රජයට එක්වී සිටි ශ‍්‍රී.ල.නි.ප මන්ත‍්‍රීවරු වැඩි දෙනා සිතුවේ කෙසේ හෝ පක්ෂය හා සන්ධානය එකතු කළ යුතු බවයි.හෙළ උරුමයත් ජනාධිපතිතුමා සමග එළියට ගිය අයත් සිතුවේ පක්ෂය හා සන්ධානය එකතු කළ යුතු බවත් ඒත් මහින්දට හා බරපතළ චෝදනා ලැබූවන්ට නාමයෝජනා නොදිය යුතු බවත්ය.
එහෙත් ඒ වන විට පක්ෂ ලේකම්,සන්ධාන ලේකම්,විපක්ෂ නායක වැනි අය සිතුවේත් මහින්ද අගමැති අපේක්ෂකයා විය යුතු බවත් චෝදනා ඇති අයද තරග කළ යුතු බවයි.
අවසානයේ පක්ෂය හා සන්ධානය නොකඩවා මෛත‍්‍රීපාල ජනාධිපතිතුමා මැතිවරණ සටනින් ඉවත් විය.ඊට පෙර ඔහු මහ මැතිවරණය මෙහෙයවීමටත් ජයග‍්‍රහණය කරවීමේ වගකීම භාරගැනීමටත් සූදානම්ව සිටියේය.
හෙළ උරුමයත්,රාජිත,එම්.කේ.ඞී.එස් ගුණවර්ධන,හිරුණිකා ඇතුළු පිරිසද එ.ජා.ප ය හා පෙරමුණට එක්විය.ඩිලාන්,මහින්ද යාපා,පවිත‍්‍රා,සී.බී වැනි අය අමාත්‍යංශ අතහැර මහින්ද පිලට එක්විය.මෛත‍්‍රී සමග සිටි සරත් අමුණුගම,රෙජිනෝල්ඞ් වැනි අය මැතිවරණ සටනින් ඉවත්ව ජාතික ලැයිස්තුවට එක්විය.
එස්.බී දිසානායක,දුමින්ද දිසානායක,පියසේන ගමගේ,මහින්ද අමරවීර,ලක්ෂ්මන් යාපා,මහින්ද සමරසිංහ,තිලංග සුමතිපාල,විජිතමුණි සොයිසා ජගත් පුෂ්පකුමාර,නන්දිමිත‍්‍ර ඒකනායක,ලක්ෂ්මන් සෙනෙවිරත්න වැනි අය එකම ස්ථාවරයේ සිට මැතිවරණයට මුහුණ දුන්හ.
මේ අය එ.ජා.පයට එකතු වූයේ නැත.ඡුන්දයට බයේ තනතුරු අතහැර මෛත‍්‍රීගෙන් ඈත් නොවූහ.ජාතික ලැයිස්තුවට ගියේද නැත.ඔවුන් කළේ සිය පක්ෂයේ මතය හා ප‍්‍රතිපත්තියේ නොසෙල්වී සිටිමින් ශ‍්‍රී.ල.නි.පය අතනොහැර තරග වැදීමයි.
මේ පිරිස නොසිටින්න……………
ශ‍්‍රී.ල.නි.ප ය හා සන්ධානය දෙකඩ වීම වැළැක්විය නොහැකි වනු ඇත.මහින්ද ඇතුළු පිරිසට සන්ධානයෙන් තරග කිරීමට නොලැබෙනු ඇත.ඔවුනට නව පක්ෂයකින් හා නව පෙරමුණකින් තරග කිරීමට සිදුවනු ඇත.ශී‍්‍ර.ල.නි.පය හා සන්ධානය මැතිවරණයෙන් තුන්වැනි තැනට ඇද වැටෙනු ඇත.
මේ සියල්ල වැළකුණේ එස්.බී දිසානායක ඇතුළු පිරිස සියලූ බාධා කුමන්ත‍්‍රණ,විරෝධතා පෙනි පෙනී පක්ෂය සමග සිටිමින් සන්ධානයෙන් තරග කිරීම නිසාය.
දැන් මේ එ.ජා.ප ය හා එක්නොවූ ජාතික ලැයිස්තුවට නොගිය,තනතුරු අතහැර මෛත‍්‍රීගෙන් ඈත් නොවූ නොසැලී තම ප‍්‍රතිපත්ති සමග පක්ෂය අතහැර නොගිය එම පිරිස ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම අපරාධයක්ද?
එස්.බී දිසානායක නුවරඑළිය දිස්ත‍්‍රික්කයට නායකත්වය දෙන විට තොණ්ඩමන්ට වඩා ඡුන්ද ගනිමින් දිස්ත‍්‍රික්කයෙන් පළමුවැනියා වූ එකම සිංහලයා විය.
ඔහු මහනුවරට පැමිණ මහ ඇමති අපේක්ෂකයා වී ඡුන්ද 1,89,000ක් ලබා ගත්තේය.එදා එම පිලේ දෙවැනියා ලබා ගත්තේ ඡුන්ද 27000කි.ඔහු 2010 මහින්ද හා එක්වී පාර්ලිමේන්තුවට ආවේ ඡුන්ද 108000ක් ලබා ගනිමිනි.මෙවර ශ‍්‍රී.ල.නි.ප ලැයිස්තුවේ පළමු තිදෙනාම එදා සිටියේ 80,000ට වඩා පහළිනි.එස්.බී ක‍්‍රීඩා ඇමැති ලෙස සිටින විට ලෝක කුසලානය දිනීය.ඔලිම්පික් පදක්කමක් ලැබුණි.ආසියානු රන් පදක්කම් දුසිමකට වඩා ගන්නා ලදී.ඔහු කෘෂිකර්ම ඇමති ලෙස සිටියදී 2003 රජ කාලයට පසුව ශ‍්‍රී ලංකාව සහලෙන් ස්වයංපෝෂිත විය.ඒ පොහොර සහනාධාරයද නැතුවය.සමෘද්ධි ව්‍යාපාරයද ඔහුගේ නිර්මාණයකි.
67න් පසු විශ්වවිද්‍යාල වලට ඇමැතිවරයාත් රාජ්‍ය නායකයාත් ගියේ එස්.බී උසස් අධ්‍යාපන ඇමැතිවරයා වූ පසුවයි.නවක වදය නැති කළේ ඔහුගේ කාලයේදීය.විශ්වවිද්‍යාල අඩුපාඩු වැඩියෙන්ම සැපිරුණේද එම කාලයේදීමය.විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් පාලනය කරමින් තිබූ අරාජික තත්ත්වය වෙනස් කරමින් එහි පාලනය ආචාර්ය මහාචාර්යවරුන්ට ලැබුණේද එස්.බී දිසානායකගේ කාලයේදීය.විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සිසුන් ගණන 200% කින් වැඩි කරනු ලැබුවේ ඔහුගේ කාලයේදීය.ඔහුට දුෂණ චෝදනා,කුඩු චෝදනා,එතනෝල් චෝදනා මිනී මැරුම් චෝදනා නැත.
ඔහු මෙවර පරාජයට පත් වීමට මුල් වූ ප‍්‍රධානම කරුණ වූයේ මහින්ද රාජපක්ෂ පක්ෂයේ අගමැති අපේක්ෂකයා වුවහොත් ශ‍්‍රී.නි.පය පරදින බව පැවැසීමයි.ඒ වනවිටත් එ.ජා.පයෙන් දිගින් දිගටම එස්.බී ට ආරාධනා කරද්දීත් පක්ෂය අතහැර නොගිය ඔහු පරාජය කළේ ‘දිනලා එ.ජා.ප යට පනිනවා’කියා ශ‍්‍රී.ල.නි.ප පාක්ෂිකයන් මුලා කරමිනි.ඔහුට එරෙහි කුමන්ත‍්‍රණය මෙහෙයවූයේත් ඒ සදහා මුදල් බෙදුවේත් රාජපක්ෂවරුන් බවද නොරහසකි.
තිලංග සුමතිපාල පළාත් සභාව දිනුවේත් පාර්ලිමේන්තුවට ආවේත් ලක්ෂයකට වඩා ඡුන්ද ලබා ගනිමිනි.එ.ජා.ප මාලිගාව වූ කොළඹ නගරය මැද අපේ පක්ෂය වෙනුවෙන් අභීතව නැ`ගී සිටින එකම එක මිනිසා තිලංගයි.තිලංග මාධ්‍ය ක්ෂේත‍්‍රයේදී පක්ෂය වෙනුවෙන් තරග කරන කැපවීම අති විශාලය.ඔහුට චෝදනා නැත.තිලංග ශ‍්‍රී.ල.නි.පයටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාටත් අත්‍යවශ්‍ය පුද්ගලයෙකි.
මහින්ද සමරසිංහ එ.ජා.පයට මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් සිටි වටිනා මහත්මා දේශපාලඥයෙකි.මානව හිමිකම් ප‍්‍රශ්න,යුද අපරාධ චෝදනා රටේ නායකයන්ට හා රණවිරුවන්ට එරෙහිව මතුවන මේ යුගයේ මහින්ද සමරසිංහ මහතාගේ අවශ්‍යතාව වඩාත් කැපී පෙනේ.ඔහු අමාත්‍යවරයෙකු ලෙසත් චෝදනා නැති ගෞරවනීය නමක් දිනාගෙන ඇති අයෙකි.ඔහු කළුතර දිස්ත‍්‍රික්කයෙන් හැමදාම ජය ගත්තේ පළමුවැනි දෙවැනි ස්ථාන ලබා ගනිමිනි.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන හැමදාම මාතර දිස්ත‍්‍රික්කයෙන් ඉහළම මනාප ලබා ගන්නා අයෙකි.පසුගිය පළාත් සභා මැතිවරණයේදී ඔහුගේ පුතා ප‍්‍රථම වතාවට තරග කර ජය ගන්නේ මැති ඇමැති මහ ඇමැති අපේක්ෂකයන් පරදා පළමුවැනියා ලෙසයි.ඔහු අමාත්‍යවරයෙක් ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසත් කිසිදු චෝදනාවක් නැති අයෙකි.
විජිතමුණි සොයිසා හැමදාම රාජපක්ෂවරුන්ගේ තාඩන පීඩන මැද මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් ඉහළින්ම ජය ගනී.නියෝජ්‍ය ඇමැති,මහ ඇමැති ලෙස ඔහු සාර්ථක විය.ඔහුගේ පුතා පසුගිය පළාත් සභා ඡුන්දයේදී රාජපක්ෂවරුන්ගේ පීඩනය මැද ඉහළින් ජය ගනී.විජිතමුණි සොයිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ අවස්ථාවේ සිටීම ඉතා වැදගත්ය.
අද මේ කුමන්ත‍්‍රණකරුවන්ගෙන් හා කල්ලිවාදීන්ගෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීම ජනාධිපතිවරයාට ඇති ප‍්‍රධාන අභියෝගයකි.එසේම පක්ෂය තුළ සිටින දුෂිතයන්ගෙන්ද පක්ෂය බේර ගැනීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවකි.
අන්ත ජාතිවාදී අන්ත ආගම්වාදී සහ මහින්දගේ පිලෙන් කෘතීම ජන පදනම් ගොඩනගත් කල්ලි කණ්ඩායම්වලින්ද පක්ෂය බේරාගත යුතුය.සන්ධානයේ සභාපතිවරයා ලෙස අතිගරු ජනාධිපතිතුමා මේ අභියෝග සියල්ල සිත්හි තබාගෙන ජාතික ලැයිස්තුව සකස් කර ඇති බව අපගේ හැගීමයි.
මේ මනාප ක‍්‍රමය තුළ මෙවැනි අවස්ථාවක අභ්‍යන්තර කුමන්ත‍්‍රන පරාජය කිරීම සදහා ජාතික ලැයිස්තුව නිවැරදිව පාවිච්චි කිරීම ඉතා වැදගත්ය.
mun may redi adagenada katha karanne owa kiyapalla kode badapu chinnunta.laggawak nathi athmayak nathi minissu
ReplyDelete